IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් තුවාල ලත් 6 ක් රෝහලේ

( ඉන්දිකා රාමනායක සහ ජයන්ත සමරකෝන්)

අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන්  තුවාල ලැබූ රැඳවියන් 6 දෙනා  අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවත් , මිය ගිය රැඳවියන් දෙදෙනාගේ සිරුරු රෝහලේ  මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත්    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්  අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

මේ වන විට බන්ධනාගාරය තුළ සහ ඒ අවට තත්ත්වය පාලනය කර ආරක්ෂාව තර කර ඇතැයිද පොලිස් මාධ්‍ය  ප්‍රකාශකවරයා කීවේය.

ඊයේ රාත්‍රී ගැටුම අවස්ථවේදී  බන්ධනාගාර නිලධාරී විවේකාගාරය ගිනි තබා ඇති බවත් රැඳවියන් එහි වෛද්‍ය මධ්‍යස්ථානය කඩා බෙහෙත් ද්‍රව්‍ය සොයා ඇති බවත් ඇති බවත් බන්ධනාගාර  ආරංචි මාර්ග කියයි.එමෙන්ම ආයුධ ගබඩාවේ තිබු මංචු කුට්ටම් කිහිපයක්ද පැහැරගෙන ඇතැයි අනාවරණය වී තිබේ. 

එමෙන්ම ප්‍රධාන ජේලර්වරයාගේ නිල කාමරයද කඩා එහි මුදල් සේප්පුවකින් මුදල් ගැනීමට ඔවුන් තැත් කළඳ එය සාර්ථක වී නැතැයිද  තොරතුරු අනාවරණය වී ඇත.

සිද්ධිය වූ අවස්ථාවේදී සේවයේ නියැලී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් 25 ක පමණ ප්‍රමාණයක් වන බවත්  රැඳවියන් 1054 ක වැනි ප්‍රමාණයක් ඇති කළ කලබලය හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි ද පැවසේ.

කෙසේ වෙතත් සිදු වූ වෙඩි තැබීම පිළිබඳ විෂේෂ පරීක්ෂණයක් කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස්  බන්දුල ජයසිංහ මහතා පැවසීය.

 ඊයේ ( 21) බන්ධනාගාරය තුළ සිදුවු  වෙඩි තැබීමෙන් රැඳවියන්  දෙදෙනකු මිය ගිය අතර තවත් 6 දෙනකු තුවාල ලැබූහ.


 
 

 

 

 



අදහස් (0)

බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් තුවාල ලත් 6 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site