IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බන්ධනාගාරයේදී මියගියේ ඇප ලැබූ සැකකරුවෙක්

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදාහරින ලද අයෙකු ඇප කොන්දේසි සපුරා තිබියදී
බන්ධනාගාරය මගින් මුදා නොහැර සිටීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස මහර බන්ධනාගාර ගැටුම අවස්ථාවේදි මියගොස් ඇති බවට අද (16) එම මරණකරුට විරුද්ධව ඇති නඩුව මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවු අවස්ථාවේ අනාවරණය විය.


මිනුවන්ගොඩ බටහිර නිල්පනාගොඩ ප්‍රදේශයේ පදිංචි අතුල කුමාර හෙවත් සුදනා යන ආරෑඩ නාමයෙන් හදුන්වනු ලබන සැකකරු හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කර තිබේ.

රස පරික්ෂක දෙපාර්තමේන්තුව මගින් එවන ලද වාර්තාව අනුව සැකකරුට ඉකුත් නොවැම්බර් මස 25 වෙනිදා මිනුවන්ගොඩ  මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කිරීමෙන් අනතුරුව එම ඇප කොන්දේසි සපුරා තිබියදී තම
සැමියාව බන්ධනාගාරය මගින් මුදා නොහැරීම මත තමාත් දරුවන් දෙදෙනාත් ඉතා අසරණ වී ඇතැයි එම මරණ කරුගේ බිරිඳ ඉතා සංවේදී වෙමින් විවෘත අධිකරණය හමුවේ පැවසීය.

නීතිඥ සරල කරුණාරත්න මහතා එම නඩුව වෙනුවෙන් පෙනී සිටිමින් තම සේවා දායකයාව අධිකරණය මගින්
ඇප මත මුදාහරින ලෙස නියෝග කර තිබියදී අධිකරණ නියෝගයක් නොමැතිව බන්ධනාගාරය තුල රදවා තබා ගැනිම හේතුවෙන් එම මරණය සිදුව ඇති බවත් රාගම රෝහලේ දී එම මලසිරුර තම සේවාදායකයා ගේ බිරිඳ විසින් හදුනා ගත් බවට උපදෙස් ලැබි ඇති බවත් අධිකරණය හමුවේ පැවසීය.

මිය ගොස් ඇති සැකකරුට වෙනත් නඩු නොමැති බවද අධිකරණයේ දී සදහන් විය. මිය ගොස් ඇති එම සැකකරුට විරුද්ධව ඇති නඩුව අවසන් කළ අධිකරණය එම  මරණය සම්බන්ධයෙන් කණගාටුව පළ කර සිටියේය.



අදහස් (4)

බන්ධනාගාරයේදී මියගියේ ඇප ලැබූ සැකකරුවෙක්

mihira Wednesday, 16 December 2020 03:25 PM

දැන් කණගාටුව පළ කළාම සේරම හරිද? අම්මගේ නීති මේවා...

:       0       0

Ratne Wednesday, 16 December 2020 04:11 PM

කණගාටුව පළ කිරීම ප්‍රමාණවත්ද? ඇප කොන්දේසි සපුරා තිබියදීත් නිදහස් නොකළ හේතු සොයා බලා වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු මෙන්ම, මිය ගිය පුද්ගලයාට වන්දියක් ගෙවීමට කටයුතු කළ යුතුය.

:       0       0

rocky Thursday, 17 December 2020 01:53 AM

අප කොන්දේසි සපුරා තිබියදි ඔහු නිදහස් නොකිරීම ගැන වගකිව යුතු නිලධාරීන්ට විරුද්ධව මිනී මැරීමෙ චෝදනා යටතේ නඩු පැවරිය යුතුය.

:       1       1

Anton Austria Thursday, 17 December 2020 02:15 AM

මොන නිතියද ඒක? මෙහෙ වුණා නම් වන්දි දීලා කරපු රැයින් ගෙදර...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site