(ඩී. ජී. සුගතපාල)
ගාල්ල බන්ධනාගාරයේ, රඳවා සිටින තම පුතුට ලබාදීමට ගෙනගිය කලිසමක වාටියේ හෙරොයින් සඟවාගෙන පැමිණි මවක අද (16) බන්ධනාගාර නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ලැබ තිබේ.
සැකකාර මව තෙල්වත්ත මැටිවල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තම පුතාට ලබාදීමට ඇය කොට කලිසමක් ගෙනැවිත් තිබූ අතර, එහි වාටියේ සූක්ෂමව සඟවා තිබූ බව නිලධාරීහු පවසති.
බන්ධනාගාර අධිකාරි සේනක පල්ලෙවත්ත මහතාගේ උපදෙස් පරිදි නිලධාරීන් එය පරීක්ෂා කිරීමේදි හෙරොයින් සොයා ගෙන ඇත.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ගාල්ල පොලිසියට බාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන අපිට නොපෙනෙන පැත්තකුත් තියනවා. මුලින්ම හොයන්න ඕනෑ මේ අම්මාට මේ කොට කලිසම පුතාට ගිහින් දෙන්න කියලා දුන්නේ කවුද කියලා. පුතාගේ යාලුවෙක්ද එහෙමත් නැත්නම් පුතාගේ බිරිඳද...? එහෙමත් නැත්නම් පුතාගේ බොස්ද, එහෙමත් නැත්නම් පුතාගේ සහෝදරයෙක්ද ... යන කාරණා ටික හොයන්න ඕනෑ. මොකද සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් එහෙම කරාවි කියලා හිතන්න අමාරුයි. එහෙම කරන අම්මලාත් ඇති... හැබැයි ගොඩක් අඩුවෙන්. මෙතැනදී අම්මා වරද කරලා නම් පුතාව නිදහස් කළත් අම්මාව නිදහස් කරන්න හොඳ නැහැ. අම්මට හෙරොයින් ලැබුනේ කොහෙන්ද කියලා හොයන්න ඕනෑ.