(අනීෂා මානගේ)
තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ජංගම දුරකතනයක්, දුරකතන සිම්පතක්, දුරකතන දත්ත හුවමාරු කේබලයක්, රස කැවිලි සහිත පාර්සලයක් බන්ධානාගාරගතව සිටි සැමියාට ලබා දීමට තැත් කළ බව කියන කාන්තාවක අද(18) බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල දංකැටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාවක බව නිලධාරීහු කියති.
අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා හෙරොයින් සම්බන්ධ නඩුවකට අඟුණකොළපැළැස්ස බන්ධනාගාරයේ සිට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ගෙනවිත් ඇති අතර ඔහුගේ සුවදුක් විමසීමට මෙම කාන්තාව අධිකරණයට පැමිණ ඇත.
ඇය කුඩා පාර්සලයක් සිය සැමියාට ලබා දීමට තැත් කළ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම පාර්සලයේ තිබී ජංගම දුරකතනයක්, සිම් කාඩ්පතක්, දුරකතන දත්ත හුවමාරු කරන කේබලයක් සහ රසකැවිලි තිබූ බව නිලධාරීහු පවසති.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බන්ධනාගාරයට දුරකතන, සිම්පත් සහිත පාර්සලයක් ගෙනගිය කතක් අත්අඩංගුවට