IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බෙන්තර ගඟේ නාවික හමුදා මුර සංචාරක සේවයක්

(ජේ .ඉඳුරුවගේ )

බස්නාහිර හා දකුණු පලාත් වෙන් කෙරෙන බෙන්තර ගඟේ  නාවික හමුදා  මුර සංචාරක සේවයක් ආරම්භ කර තිබේ.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී ගොඩබිමින් නොගොස් බෝට්ටු ,සහ ඔරුවලින් ගඟ දෙපස පිහිටි බෙන්තොට ,තුන්දුව  සහ  බේරුවල ,  දර්ගා නගරය අතර ඇතැම් පිරිස් ගමනාගමනය කරන බවට හෙලිවු අතර  කොරෝනා වසංගතය  වැලැක්වීමේ  පියවරක් ලෙස මෙලෙස සිදු කරන ගමනාගමනය නතර කිරීමට මෙම  මුර සංචාරක සේවය ආරම්භ කළ බව නාව්ක හමුදාව පවසයි.

දැනට කොරෝනා රතු කලාපයක් ලෙස හඳුනා ගෙන ඇති බේරුවල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දර්ගා නගරයෙන්ද කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇති නිසා මෙම ආරක්ෂක සේවය අද වනවිට දැඩි කර ඇතැයි ද නාවික හමුදාව පවසයි .

තුන්දුව සහ දර්ගානගරය  අතර  සිදුවෙන මෙම ගමනාගමනය ගැන විමසිල්ලෙන් සිටින බව ඌරගස්මන්හන්දිය පොලිසිය  පවසයි.
 



අදහස් (0)

බෙන්තර ගඟේ නාවික හමුදා මුර සංචාරක සේවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 85 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site