IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


බුදු පිළිම කැඩූවන්ට සහරාන් ලක්ෂ 20 ක් දීලා

(නිමන්ති රණසිංහ, මාවනැල්ල විශේෂ -  පී. ශාන්ත බණ්ඩාර සහ මාවනැල්ල - සමන් විජය බණ්ඩාර)

මාවනැල්ල සහ අවට පෙදෙස්වල බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියේ සැකකරුවන්ට ඇප ලබාදීම සඳහා නිතීඥවරුන්ට ගෙවීමට රුපියල් ලක්ෂ 20ක මුදලක් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් විසින් සැකකාර රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහීම් නමැති මවුලවිවරයාට ලබාදී ඇති බව විමර්ශනවලදී හෙළීවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතාට දැනුම් දුන්නේය.

මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සම්පූර්ණ මෙහෙයවීම මොහොමඩ් සහරාන් විසින් සිදුකර ඇති බවත්, ‘උඹලා ගහලා මා ළඟට වරෙල්ලා’ යනුවෙන් ඔහු සැකකරුවන්ට පවසා ඇති බවත් සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී වැඩිදුරටත් අනාවරණය වූ බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (13) කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත්වූ අතර, සිද්ධියට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 6 (1) ප්‍රකාරව අත්අඩංගුවට ගෙන 9 (1) වගන්තිය ප්‍රකාරව රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකළ සැකකරුවන් 20 දෙනා එම දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් නිරීක්ෂණය සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සහ ඔවුන්ගේ පියා වූ මවුලවිවරයා, වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තිබූ ස්ථානයේදී තරුණයන්ට අන්තවාදී න්‍යායන් සම්බන්ධයෙන් උපදේශන සේවා ලබාදී ඇති බවටත් ඒ සඳහා ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක සහ්රාන් ද පැමිණ සිට ඇති බවටත් මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවෝ 13 දෙනකු ද බන්ධනාගාරය මගින් ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කළ රජයේ නිතීඥ අසංක මෙන්ඩිස් මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි විශේෂ විමර්ශන අංශ 2 හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාරසිංහ, මාවනැල්ල පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් පරීක්ෂක රණසිංහ යන නිලධාරීහු අධිකරණය පෙනී සිටියහ. 

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පුපුරන ද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය පුපුරවා විනාශ කර දැමීමට කෑගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකණයෙන් ඉල්ලීමක් කළ අතර මෙම ඉල්ලීමට අවසර ලැබිණි.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන්ගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනා වන මොහොමඞ් ඊබ්‍රහීම් සාහිඩි අබ්දුල් හක් සහ මොහොමඞ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලා යන සොහොයුරන් සහ ඔහුගේ පියා වූ රෂීඞ් මොහොමඞ් ඊබ්‍රහීම් නැමැති මවුලවිවරයා ඇතුළු සැකකරුවන් 20 දෙනෙකු තම දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් තවදුරටත් සිදුකළ යුතුව ඇති බැවින් ඔවුන් නැවතත් තමන් වෙත බාරකරන ලෙසද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම සිද්ධිය ඉතාමත් සංකීර්ණ වූ එකක් බැවින් විමර්ශන කඩිනමින් අවසන් කිරීමේ හැකියාවක් නොමැති බවත් සැකකරුවන්ගෙන් තවදුරටත් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරමින් පවතින බවත් නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නිතීඥ අසංක මෙන්ඩිස් මහතා අධිකරණයට දැන්වීය. 

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම සිද්ධියට අදාළව බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් ලබන 27 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසත් රැඳවුම් නියෝග මත සිටින සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසත් නියම කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අස්තාබ්, මුෆ්ති මුනීෆ්, ඉර්ෂාද් අහමද්, අසීස්, ෆවුසාන්, මුස්තාෆා මොහොමඞ්, ෆයාස්, ෆයාස් අහමඞ්, රෂීඞ් මොහොමඞ් ඊබ්්‍රාහීම් (මුවලවිවරයා), අකිල් අහමඞ්, අබ්දුල් ජබ්බාර් බදුර්දීන්, සිද්ධි නසීරා ඉසදින්, හනීෆා, මොහොමඞ් හමාස්, මොහොමඞ් නෆ්රි සහ මොහොමඞ් නලීෆ් යන අයවලුන්ය. 

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගත් වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ පාළු ඉඩමක ගබඩා කර තිබූ අධිබලැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 100ක්, ඩෙටනේටර් 700ක්, ලීටර් 36 ක් බැගින් අඩංගු නයිට්‍රජන් ඇසිඞ් කෑන් පහක් ඇතුළු උපකරණ තොගය නඩු භාණ්ඩ වශයෙන් සලකුණු කොට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පසුගිය ජනවාරි මාසයේදීය.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී බෝම්බ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් වූ ක්‍රියාපටිපාටිය ඇතුළත් ලේඛනයක් සොයා ගත් බවත්, මොවුන් එම කඳවුරේ සිට ටී 56 වර්ගයේ ගිනි අවි පුහුණුව ලබා ඇති බවට විමර්ශන වලදී හෙළී වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.



අදහස් (8)

බුදු පිළිම කැඩූවන්ට සහරාන් ලක්ෂ 20 ක් දීලා

Nuwan Friday, 14 June 2019 09:24 AM

සිංහල ජාතියට අමුතුවෙන් සංහිඳියාව උගන්නන්න ආපු මේ ආණ්ඩුව අන්තිමට කලේ පනින්න බලන් ඉන්න රිළවුන්ට ඉනිමන් තියපු එකයි. අර කබීර් හෂීම්ට 70% සිංහල මිනිස්සු ඡන්දෙ දුන්නේ සංහිඳියාව උගන්නපු හින්දද? මේවා ලෝක පූජිත සැලසුම් මේ රට අරාබිකරණය කරන්න. දැන්වත් සිංහල අපි මොලේ කල්පනා කරලා ඡන්දෙ දාන්න ඕනේ. නැත්නම් අපේ දරුවන්ගේ අනාගතේ අඳුරේ...

:       54       793

Sugandhi Friday, 14 June 2019 09:44 AM

මම අහලා තියන විදිහට පිළිම පිළිකුල් කිරීම තුන්වැනි නීතිය...

:       0       160

Bamunuarachchi Friday, 14 June 2019 09:52 AM

දැන් අපි කළයුත්තේ මොවුනුත් සහරාන් ලඟට යැවීමයි. අල්ලාගත් විගස මොවුන්ගේ අඬු කඩා නොදැමීමට තරම් සිංහලයන් නිවට වුණාද?

:       135       191

ravi Friday, 14 June 2019 10:54 AM

එතකොට.. අපේ බෞද්ධ නටබුන් උඩ නැගගෙන ෆොටෝස් ගහපු.. "මුස්ලිම් සරසවි ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ට" මොනවද ලැබිලා තියෙන්නේ?

:       50       105

janahitha Friday, 14 June 2019 04:11 PM

ආනන්තරිය පාප කර්මයට පාර කපා ගත් මේ අයට කිසිදාක සමාව නොදිය යුතු අතර ඔවුන් නිරයට යනු නියතයි. සහරාන් දැන් නැත. මොවුන් තනි වී ඇත.

:       17       21

lankasri Friday, 14 June 2019 06:53 PM

ජනහිත මහත්මයා මෙය පාපකර්මයක් උවත් ආනන්තරිය පාප කර්මයක් නොවේ.

:       9       31

BamunuarachchiSaturday, 15 June 2019 12:30 AM

මොන පාපකර්මය පඩිසන් දීමේදී උවත් මා කල මෙන්න මේ වරදටයි මට මේ දරුණු විපාකය ලැබුනේ කියා මිනිසුන්ට දැනෙනවා නම් පමණයි පාපකර්ම පඩිසන් දීමේ ප්‍රයෝජනයක් තිබෙන්නේ. මේ ආත්මයේ කරන පව් ලබන ආත්මයේ පඩිසන් දීමෙන් පලක් නැත. කෙනෙක් හරියටම දැනගත්තොත් මට මේ සැප සම්පත් ලැබෙන්නේ මම කල අහවල් හොඳ දේවලටයි කියා එසේනම් මිනිසුන් වැඩි වැඩි හොඳ දේ කරනු ඇත. නමුත් උසාවියකදී පමණයි කරපු පව් කියා දඬුවම් ලැබෙන්නේ.

:       0       0

Janahitha Saturday, 15 June 2019 01:23 AM

බුදුන් වහන්සේගේ ඇඟේ ලේ සෙලවීම ආනන්තරීය පාප කර්මයක්. බුදුන් වහන්සේ වෙනුවෙන් තැනූ බුදු පිළිමයට දහස් ගණන් ජනතාව වන්දනාමාන කරන්නේ බුදුන් යන අදහසිනුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 335 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2147 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1622 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site