(දසුන් රාජපක්ෂ)
රජය විසින් ලබාදෙන ලද බදු ප්‍රතිලාභ පාරිභෝගිකයන්ට ලබානොදෙන ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවරයන් ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික සේවා අධිකාරියට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
සිල්ලර , තොග හා ආනයන ද්‍රව්‍ය විකිණීම මත වැට් බදු අඩුකිරීමෙන් අත්වන වාසි පාරිභෝගිකයන්ට නොලැබෙන බවට ජනතාව අඛණ්ඩව කළ පැමිණිලි කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා මෙම නියෝගය සිදුකර ඇති බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව 2019 වසරේ දෙසැම්බර් 1 දින සිට බලපැවැත්වෙන පරිදි ලබාදුන් ප්‍රතිලාභ ජනතාවට නිරන්තරයෙන් ලබාදීමට මහා පරිමාන තොග ආනයනකරුවන් , නිෂ්පාදකයන් , බෙදාහරින්නන් සහ සිල්ලර වෙළඳුන් කටයුතු කරන්නැයිදැයි නිරන්තරයෙන් අධීක්ෂණය කරන ලෙස ජනාධිපතිවරයා පාරිභෝගික සේවා අධිකාරියට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
ව්‍යාපාරවලට අසාධාරණයක් නොවන ලෙස තරඟකාරී නොවන වෙළඳපොළ භාවිතයන් වළක්වා තිබෙන නිසා පාරිභෝගිකයන්ට අදාළ බදු ප්‍රතිලාභ ලබාදෙන මෙන් ජනාධිපතිවරයා ව්‍යපාරිකයන්ටද දැනුම්දීමක් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමනි, සතොසේ සීනි මිල යහපාලන කලේ රුපියල් 98/- යි දැන් 100/- යි. පරිප්පු ඒකාලේ රුපියල් 108/- යි දැන් 124/- යි ගමේ කඩවල වියලි මිරිස් ඒකාලේ රුපියල් 280/- සිට 310/- යි දැන් රුපියල් 630/- යි. පාන් ගෙඩියක් 60/- 70/- යි. බනිස් මිල රුපියල් 5/- කින් අඩු කරපු කෙනෙක් නැහැ. ජනතාව කබලෙන් ලිපට වැටිලා. කාගේ වරදක් ද අපි නොදනිමු.
එතුමා ආර්ථික මධ්‍යස්ථානයට ගියා. දැන් රට හැමතැනම හාල් 70යි 75යි. එලවලු කුනුකොල්ලෙට විකිනෙන්නේ. මෝටර් රථ දෙපාර්ත්මෙන්තුවට ගියා දැන් කවුරුවත් පගාව ගන්නේ නෑ. ජාතික රෝහලට ගියා. රටේ හැම රෝහලකම නිලධාරීන් රාජකාරී කාලය තුල රෝහලේ, හරිම කාර්යක්ෂමයි හරිම කරුණාවන්තයි. ඔය විධියටම අනිත් ඒවාත් හරියයි.
ඇතැම් ව්‍යාපාරිකයන් එදත් වැට් බදු පාරිභෝගිකයන්ගෙන් අයකලත් ඒවා රජයට ගෙවීම මගහැරියා. ඒනිසා දැන් වැට් බදු අඩුකිරීමේ වාසිය පාරිභෝගිකයාට ලැබීමට සැලැස්වුවහොත් එදා ඔවුන් ලැබූ ඒ අයථා ලාබය නැතිව යනවා. ඒ නිසයි මේ වැට් බදු අඩුකිරීමේ වාසිය පාරිභෝගිකයාට දීමට ඔවුන් මැලිවන්නේ. ගරු ජනාධිපතිතුමා ඇතුලු රජය මේසදහා කඩිනම් පියවර ගතයුතුයි. එසේ නොවුවහොත් නව රජය කෙරෙහි ජනතා අප්‍රසාදය එල්ලවීමට වැඩි කලක් ගතනොවනු ඇත.