(රංජන් කස්තුරි)
ආදායම් බදු ගෙවන්නන්ගේ දරුවන් ජාතික පාසල් වල පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
රජයට ආදායම් බදු ගෙවන පුද්ගලයින් දිරි ගැන්වීම සඳහා ඔවුන්ගේ දරුවන්ට ජාතික පාසල්වලට ඇතුළත්වීමේ අවස්ථාව සලසා දෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
එම දරුවන් ජාතික පාසල් වලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක සකස් කිරීමේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහය ලබාගන්න බවද ඇමැතිවරයා කීය.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සහ නිලධාරීන් පිරිසක් සමඟ ඉකුත් දා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
COMMENTS
බදු සල්ලි හොරා කන, කොමිස් කුට්ටි ගන්න ඇමැතිලාගේ පුත්තු කොහොමද රෝයල් යන්නේ...?
දරුවන්ට ඔහොම විවිධාකාර ලෙස සලකන්න එපා. දෙමාපියන්ගේ ආදායම් මත දරුවන්ට විවිධාකාරයෙන් සැලකීම රජයකින් නොකළ යුතු දෙයක්. ඒක නරක ආදර්ශයක්. දුප්පත්, පොහොසත් හැම දරුවන්ටම සම අයිතිවාසිකම් දීමයි සුදුසු. දෙමාපියන්ගේ වත්පොහොසත්කම් මත හෝ ඒ අය ආදායම් බදු ගෙවනවාද, නොගෙවනවාද, වංචා කරනවාද යන්න දෙමාපියන්ගේ දෙයක්. ඒ අය වංචා කරත් දරුවන්ට බෙදන හැන්ද වෙනස් කිරීම සුදුසු නෑ.
මෙය දුප්පතුන්ගේ දරුවන්ට කරන තදබල අසාධරණයක්... එසේම මුදල් අැමති කිව්වා රටේ සියලු පුරවැසියන්ට බදු ගොනුවක් පවත්වනවා කියලා. කොහොමටත් දැන් මේ රටේ හිඟන්නාත් බදු ගෙවනවා.
ටොපියක් කෑවා ටෙලිෆෝන් කෝල් එකක් ගත්තත් බදු මුදල දුප්පත් බදු ෆයිල් එකක් නැති දුප්පත්, අහිංසක අම්මගේ, තාත්තගේ දරුවාට ජාතික පාසල අහිමිකිරීමේ වැඩපිළිවෙළක් අධිරාජ්‍යවාදයෙන් අපි නිදහස ලැබුවාට අධිරාජ්‍යවාදීන්ගේ ගැත්තන් වෙලාවෙම පාලක පක්ෂය ගොඩනඟන වැඩපිළිවෙළ මේ රටේ අහිංසකයා කබලෙන් ලිපට වැටිලා, පිච්චිලා, අළුවෙලා ගියත් වර්තමාන දේශපාලකයාගේ පපුව උණුවන්නේ නැත.
අනේමන්දා ඉගෙනගත්ත කෙනෙක් නේද? හැබැයි කට ඇරියොත් ගොන් කතාවක්මයි කියන්නේ. ගත්තොත් තීරණයක් ගොන් තීරණයක්මයි.. අනේ මන්දා...
රටක ජාතික පාසල් කියන්නේ අනිකුත් පාසල්වලට වැඩ වැඩි මුදලක් වියදම් කරලා වැඩි පහසුකම්දිලා දක්ෂ දරුවන්ට වඩාත් හොඳ අධ්‍යාපනයක් දීලා රටට අවශ්‍ය උගතුන් බිහි කරන්න පවත්වාගෙන යන ආයතන. රටක බදු මුදල් ගෙවූ පමණින්ම ඔවුන්ගේ දරුවන් දක්ෂයින් වෙන්නේ නැහැ. මේ වැඩෙන් වෙන්නේ දක්ෂ දරුවෝ කිහිප දෙනෙකුට විවෘතව තිබුණු අවස්ථාව තවත් වැඩ බැරි දරුවෝ කිහිප දෙනෙකුට ලැබීමයි. අනික් අතින් ගත්තම වැඩියෙන් බදු ගෙවන පවුල්වල දරුවන්ට මේ අවස්ථාව ලබාදීම යනු නිදහස් අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වන අතර එක හා සමාන අධ්‍යාපනයක් දීම, වගේම දක්ෂ දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබාදීමත් කියන දෙකම වෙනුවට වැඩි මුදල් ඇත්තන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලෙස සංශෝධනය වෙනවා. එ්කත් එකටම අර ගමේ දරුවන්ට වඩු වැඩ, මේසන් වැඩ උගන්වන්න දඟලන ඇමතිගේ අදහසක් අනුව ගමේ වැඩිපුර සල්ලි තියෙන අයට විතරක් ජාතික පාසල් ලබාදෙන්න කරන වැඩපිළිවෙලක් වෙන්න ඇති. මොවුන් කවදා හරි යන්නේ රටත් කාලා, අපිවත් කාලා අපේ දරුවන්වත් කාලයි...
අැති හැකි අයට විතරද ජාතික පාසල් කැප? උඹලා ඡන්දෙත් අාදයම් බදු ගෙවන අයගෙන් ඉල්ලා ගනිල්ලා. මොවුන්ව එලවන්න හෙට ඡන්දෙ දීපල්ලා.... !
ආදායම් බදු ගෙවන අයට ජාතික පාසැල්වලට ළමුන් ඇතුළු කිරීමේදී ලකුණු ලබාදීම උචිතයි. මොකද විශාල ආදායම් බද්දක් ගෙවන අයෙකුට තමන්ගේ ළමයා ජාතික පාසැලකට දමාගැනීමේ ලොකු ප්‍රශ්නයක් නෑ වගේම වුවමනාවකුත් නැති වෙන්න පුළුවන්. අනෙක් අතට අද ජාතික පාසැල් වලින් නටනා විගඩම් දෙස බැලුවාම සෑහෙන තරමේ ආදායමක් නැති අයෙකු කොහොමද ඒවා කර දෙන්නේ කියලා ප්‍රශ්නයක් තිබෙනවා...
ඔලුව හොඳ නැතිවේගෙන එනවා වගේ...
පහන නිවෙනකොට ඔහොම තමයි
ඉතාමත් කාලෝචිත යෝජනාවක්. එවැනි බදු ගෙවන්නන් අවශ්‍යතාවය අනුව දැනටත් කරන්නේ විශාල මුදලක් බදුත් ගෙවමින් තවත් අනියම් මාර්ගවලින් වියදම් කරමින් පාසල් වලට ඇතුලත් කර ගැනීමයි. බදු ගෙවන්නන්ට අඩුම තරමේ තමන් ගෙවූ බද්දට සාධාරණයක් වේවි.
VAT කියන්නෙත් බද්දක්නේ ඇමතිතුමා. කඩේ ගිහිල්ලා මීට පස්සේ ලැබෙන බිල් එහෙම විසි කරන්න එපා. ළමයි ඉස්කෝලෙ දාන්න ඕනෑවෙනවා.
බදු ගෙවීමයි.., නිදහස් අධ්‍යපනයයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. මෙයින් වෙන්නේ නිදහස් අධ්‍යාපනය ලබාගැනීමේදී බදුගෙවන අයට මාර්ගයක් සලසාදීමයි. බදුගෙවන්නන් දිරිමත් කිරීමට අවශ්‍ය නම් එම අයට පෞද්ගලික අධ්‍යාපන ආයතනවලින් සහන ලබාදිය හැකිය.
නියම ට්‍රැක් එකට වැටිලා..! සල්ලි තියෙන අයට විතරයි ජාතික පාසල්...! අහිංසක දුප්පත් දෙමාපියන්ගේ දරුවන් පොල්අතු සෙවිලි කළ කිසිම පහසුකමක් නැති පාසල්වලට...! නියමයි. මොවුන්ගේ නිරුවත නගරය මැදටම ඇවිල්ලා පෙන්නනවා. ඊළඟ ඡන්දෙදී මේටික පැන්නුවේ නැත්නම් දුප්පත් ජනතාවට කියලා වෙනම පාසල් නම් කරාවි... ෂුවර්!!!
මේක නම් ගොන්ම ගොන් යෝජනාවක්..
ලගම පාසල හොඳම පාසැල ප්‍රතිපත්තිය නම් ජාතික පාසල් කියල වර්ග කරන්නේ කොහොමද ? සියලු පාසල් සමාන විය යුතුයි .
මේ වැඩේ වැරදියි. මේකෙන් වෙන්නේ දැනට යන සල්ලි කාරයින්ගේ ළමයින්ට අමතරව තවත් සල්ලි කාරයින්ගේ ළමයින්ට (බදු ගෙවන්නේ සල්ලිකාරයෝ) තවත් කෝටා එකක් ලැබෙන එකයි.
ඔබ දන්නවද සියයට හැටකටත් වඩා පුද්ගලයින් ආයතන බදු වංචා කරන බව...
තවත් බයිලාවක් වගේ. 2015ට කලින් අවුරුද්දකට රු. 250,000ට වැඩි බදු අවුරුදු 5ක් පුරා ගෙවපු අයට වාහන මිලදී ගැනීමේදී තීරුබදු සහන ලබාදුන්නා. නමුත් ඒ සියල්ල මේ අය ඉතා සූක්ෂමව හකුලාගත්තා. නිවසක් ඉදිකිරීමේදී ගන්න ණය මුදල්වලට යම් සහනයක් දුන්නා. අද වෙනකොට ඒ සියල්ල ඉවත්කරලා... ඒ මදිවට බදුත් වැඩිකරලා. පිස්සන් ටිකක් රජ කරද්දී මහජනතාවට ප්‍රශ්න මදිවට ප්‍රශ්න...