(පාලිත ආරියවංශ , ප්‍රසාද් රුක්මල් , විමුක්ති සංජය)
මෙවර මහ මැතිවරණයේ දී බදුල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 9 යේම ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්විය.
ඡන්ද 309,538 ක් ලබා ගනිමින් මන්ත්‍රී ධූර 6 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවිය.
දෙවැනි තැනට පත්වෙමින් ඡන්ද 144,290 ක් ලබාගත් සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 3 ක් හිමිවිය .
ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත්විය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ රවීන්ද්‍ර සමරවීර යන අපේක්ෂකයන් මෙවර මනාපයෙන් පරාජයට පත්ව තිබේ.
එමෙන්ම අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර සහ ඕෂධී හේවාමද්දුම ද මනාපයෙන් පරාජයට පත්වීම විශේෂත්වයකි.
බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප 1,41,901 ක් හිමිකර ගැනීමට නිමල් සිරිපාල ද සිල්වා මහතා සමත්විය.
සමගි ජන බලවේගයේ වැඩිම මනාප ලබා ගැනීමට වඩිවේලු සුරේෂ් මහතා සමත්වු අතර වඩිවේලු සුරේෂ් මහතා ලබා ගත් මනාප සංඛ්‍යාව 49,762 කි.
පාර්ලිමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධූර සංඛ්‍යාව මෙම මැතිවරණයත් සමඟ 8 – 9 දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රීලංකා පොදුජන පෙරමුණ (6)
1 නිමල් සිරිපාල ද සිල්වා 1,41,901
2 සුදර්ශන දෙනිපිටිය 71,766
3 තේනුක විදානගමගේ 68,338
4 චාමර සම්පත් දසනායක 66,393
5 ඩිලාන් පෙර්රා 53,081
6 ජානක තිස්සකුට්ටිආරච්චි 50,151
සමගි ජන බලවේගය (3)
1. වඩිවේලු සුරේෂ් 49,762
2. ඒ. අරවින්දකුමාර් 45,491
3. චමින්ද විජේසිරි 36,291
COMMENTS
හ්ම්... තව අවුරුදු 5ක් නිදාගනින් කියලාමනාපය දෙන්න ඇති.
තිබුණත් රන් රිදී මුතු මැනිකුත් ගෙලවට බඳින්නට... කිසිවක් නැහැ නොව මගේ ඉනවට බඳින්නට... එබැව් පැහැදිලිය මනාප ගොඩ මට ලැබුණ... හිතුවේ නැහැ කිසිවිට අඳබාලයින් බව මුළු බදුල්ලම...
දොයි දොයි දොයි... දොයිය බබා.