(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 01 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (18) නියෝග කර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මාස පහකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි සැකකාර හිටපු අමාත්‍යවරයා ඉකුත් 10 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර කෙරිණී.
මෙම සිද්ධියට අදාළ වැඩිදුර මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (18) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළ විමර්ශනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකාර හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 24 වැනිදා ය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සැපයි .රට වහන්න ඕනේ නැහැ
අනුර කුමාර පාර්ලිමේන්තුවේ කෑ ගැහුවාට මේ හැමෝම අර වැඩමුළුවට සහභාගි වෙලා නැහැ වගේ... ඒ වුණාට කොහොමද ප්‍රශ්නේ ඉදිරිපත් කරපු හැටි...? කන්ද කෙන්ද කරනවා.
එයාටයි, පවුලටයි ඔහෙන් කාමරයක් දුන්නා නම් හරි. හැබැයි වෙන වෙනම තියන්න ඕනේ.. බෑ බෑ.. එතකොට ඒ අයට ආණ්ඩුවෙන් එපෑ කන්න බොන්න දෙන්න...
ඔහොම යන් 2030 වෙනකම්