(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා ගමන් රථ පෙළකට අද (24) සවස මුන්දලම කනමුල්ල ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වි ඇති බව මුන්දලම පොලිසිය පවසයි.
රිෂාඩ් බදියුදින් මහතා ඇතුළු පිරිසක් අද ( 24 ) සවස මුන්දලම ප්‍රදේශයේ ආධාරකරුවන් හමුවිම සදහා ගමන් කරමින් සිටිය දී මුන්දලම කනමුල්ල ප්‍රදේශයෙ දී මාර්ගය හරස් කර වාහන වලට පහර දිම කර ඇති බව කියයි.
ප්‍රහාරය සදහා 10 කට අධික පිරිසක් එක්වි ඇති බව කියයි. මාර්ගය හරස් කල පිරිසක් වාහන නවතා ඇති බවත් ඉන් පසුව සැගවි සිටි පිරිසක් එකවර කඩා වැදි ලි මුගුරු වලින් පහර දිම කළ බවත් තවත් පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කල බවත් වාහන වල ගමන් ගත් පිරිස් පවසයි.
රිෂාඩ් බදියුදින් මහතා ගමන් ගත් වාහනයට ද ගල් ප්‍රහාරයන් එල්ල වි ඇති නමුත් කිසිදු හානියක් සිදු නොවු බව කියයි
ප්‍රහාරයෙන් වාහන කිපයකට හානි සිදුව ඇති බවට පහර කෑමට ලක්වු පිරිස පැවසු අතර පහර කෑමට ලක්වු කිප දෙනෙකු පුත්තලම මුලික රෝහලටත් පුද්ගලික රෝහලකට ත් ඇතුලත් කර ඇති බව කියයි.
නමුත් මුන්දලම පොලිසිය පැවසූයේ එක් වාහනයකට පමණක් හානි සිදුව ඇති බවත් තුවාල කරුවන් පිලිබදව කිසිදු තොරතුරක් තම පොලිසියට නොලැබුණ බවයි .

COMMENTS
මහා කැත වැඩ අප්පා මේවා... !!!
දිට්ඨධම්ම වේදනීය කර්මය කියන්නේ මේවාට තමයි.
ඉල්ලන් කෑම කියන්නේ මේකට.
තම ජිවිතයට තර්ජන ඇති බව කියා පෙර හා පසු ගමන් රථ සමග ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙන ගමන් බිමන් යාමට අවශ්‍ය වටපිටාව සකස්කර ගැනීම සදහා ඔවුන් විසින්ම කරගත් ප්‍රහාරයක් බවට තොරතුරු ඇත.
අපි අලුත් අර්බුද නිර්මාණය කිරීමෙන් වැළකිය යුතුයි ගරු ජනාධිපතිතුමාට මෙම ශ්‍රී ලංකාව ගොඩගැනීමට උපරිමයෙන් සහයෝගය දීම අත්‍යවශ්‍යයි
අර මන්නාරමේ උසාවියකට ගල් පහරවල් එල්ල කලේ කව්ද? එමනිසා මේක එයාට ලොකු දෙයක් වෙන්න බැරිය. දිට්ඨධම්මවේදනීය ක්‍රමයක් පමණි.
මේ ආත්මේ කරපු දේවල් මේ ආත්මයේම ඵලදෙයි කිව්වලු...
අපි හරක් කියන එක තමයි මේ නැවත නැවතත් පෙන්වන්නේ. ඇමතියෙකු යන වාහනයකට ගල් ගැහුවා කියල මොකක්ද සිදුවෙන යහපත? අපේ නොදියුණු ගෝත්‍රික හැසිරීම ප්‍රකටවීම හැර? රටක රජවිය යුත්තේ නීතිය මිස නීති ක්‍රියාත්මක කරන්නවුන් හෝ නීතිය අතට ගන්නවුන් නොවේ.
දැන් ජනතාවට තමයි නීතිය ක්‍රියාත්මක කරන්න වෙලා තියෙන්නෙ, මොකද මේ රජය කිව්වා නේද විපක්ෂේ ඉද්දි එයා තමා බෝම්බ පිපිරීම් වලට සම්බන්ධ කියලා. නමුත් ඇල්ලුවද තවම.?
මේ මහ මැතිවරණේදී එතුමා දේශප්‍රේමී වීමට නියමිතයි.
ඕක තවත් මුස්ලිම් කල්ලියකම වැඩක් වෙන්න ඇති... එ්කනේ පොලිසියට පැමිණිලි නොකළේ...
එතුමා නම් මුස්ලිම් ජනතාවට වීරයෙක්.
සටකපට උපක්‍රම. තමන්ම ගහගෙන දේශීය ජාත්‍යන්තර අවධානය, අනුකම්පාව, සහයෝගය ගන්න කරන වැඩ. ආයුධ සන්නද්ධ පිරිසක් නවත්තලා පොලු මුගුරුවලින් පහර දෙන්න රොබින්හුඩ් ඉන්න ශර්වුඩ් කැලේ කියලා හිතන්නද කියන්නේ..?
මේ වගේ වැඩ කලොත් අවාසිය අපටයි. නිත්‍යානුකූලව කටයුතු කරනවා මිස අපේ ගෞරවය රැකගෙන කටයුතු කරන්න කවුරුත් උනන්දු වන්න. මොකද මේවා කවුරු කරනවද දන්නේ නැති නිසා.
ඕවා කියලා කරවන රඟපෑම්. ඔය පැත්තේ ඉන්න ගොඩක් අය මෙයාගේ පක්ෂේ අය.
මොන හේතුවක් නිසාවත් පහර දීම් නම් සදාරණීකරණය කරන්නෙ නැ... ඒ්ත් මේ කළු විදූරු යොදපු වාහන ලංකාවෙ නීතියට අනුව ධාවනය කරන්න අවසර තියෙනවද...? මෙව්ව අැතුලෙ නිතිවිරෝධි මොන තරම් දේවල් කරන්න පුළුවන්ද....? හැමතැනටම..හැම දෙනාටම ඒකම නිතියක් තිබුනොත් හොදයි නේද...?
මේක ප්ලෑන් එකක් වගේ පෙනෙන්නේ... අනික රථ පෙළක් කියන්නේ..
රාජපක්ෂ පාලනයේදී මේවා සුළු දේවල්... දැන් සැපද?
මෙය මුස්ලිම් අයගේම ප්ලෑනක්.. මොකද මෙයාලා කරන්නේ බොරුව සහ ජනතාව මුලාකිරීමක් විතරයි. බදියුදීන් මේවට වඩා ගොඩක් දේවල් ප්ලෑන් කරගෙන ඉන්නේ... ඉදිරියට ඔයාලට බලාගන්න පුළුවන්...!!!
බදූර්දීන් දන්න එකම රස්සාව අන්තවාදයයි. සතොසෙ වාහනවලින් ඇද්දෙ කිලෝ 100 -200 හැමෝම දන්නවා ඕවා. දැං ඉතිං ඔය රස්සා තමයි මෙයාට ඉතුරු වෙලා තියෙන්නේ.
මැද පෙරදිග වැඩේ කරන අපිට තමයි මෙම ප්‍රශ්න බලපාන්නේ... අපිව මෙහෙ මිනිස්සු නෝන්ඩි කරලා.. ලංකාවේ මුස්ලිම් මිනිහට කරදර කරනවයි කියලා.
ගිනි අවි සන්නද්ධ ආරක්ෂාවක් තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ රථ පෙළකට පොලු මුගුරුවලින් පහර දුන්නා කියන නාටකය ඇත්තක් කියලා හිතලා කමෙන්ට්ස් දාන හරක් ටික දැක්කම... ලංකාවට මොන සිස්ටම් චේන්ජ්ද කියලා හිතෙනවා.