(නිමන්ති රණසිංහ)
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගේ මාමණ්ඩියට කොවිඩ් ආසාදිතව ඇති බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙසට නිතීඥවරුන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (27) ප්‍රතික්ෂේප කළාය.
සැකකරුට කොවිඩ් ආසාදිතවී නම් ඔහු වහාම රෝහල්ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නා ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළාය.
තම සේවාදායකයාට කොවිඩ් ආසාදිතවී ඇති බැවින් ඕනෑම කොන්දේසියක් මත ඔහුට ඇප ලබා දෙන ලෙසට මෙම සිද්ධියේ දෙවැනි සැකකරු වන අලි ඉබ්‍රාහීම් සායිබු කිදර් මොහොමඩ් සිහාබ්දීන් නමැත්තා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා කළ ඉල්ලීමක් මහේස්ත්‍රාත්වරිය එසේ ප්‍රතික්ෂේප කළාය.
ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා අද (27) අධිකරණයෙන් මෙම ඉල්ලීම කළේ මෝසම් පත්‍රයක් ඉදිරිපත් කරමිනි. තම සේවාදායකයා කොවිඩ් මර්දන දෙවැනි එන්නත ලබා ගෙන නොමැති බවත් එහෙයින් ඔහුට ජිවිත තර්ජනයක් ඇතිවීමේ ඉඩක් ඇති බවත් සදහන් කළ ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා රෝහල්ගත වීමට අවශ්‍ය බැවින් ඇප මත මුදා හරින ලෙසට අධිකරණයෙන් ඉල්ලීය.
බන්ධනාගාර ගත රැඳවියකුට කොවිඩ් ආසාදිත වූ බවට සඳහන් කළ පමණීන් ඇප ලබා දිය නොහැකි බවත් ප්‍රතිකාර ලබාදීම සඳහා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කළ හැකි බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරිය සදහන් කළාය.
ඒ අනුව, ඇප ලබා දෙන ලෙසට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය සැකකරුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදිමට කටයුතු කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
31
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදියුදීන්ගේ මාමණ්ඩියට ඇප ඉල්ලා කළ ඉල්ලිම ප්‍රතික්ෂේප වෙයි