
(සිතුම් චතුරංග)
පාස්කු ඉරුදින ප්‍රහාරයේ බෝම්බකරුවකුගේ කර්මාන්ත ශාලාවකට තඹ ලබාදමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරීක්ෂණයන්ට ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වවුනියාව ඊට්පෙරියකුලම පොලිස් ස්ථානයේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත අද (27) පැය පහක කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසුව පිටව ගියේය.
අමාත්‍යවරයා ඊරට්පෙරියකුලම පොලිස් ස්ථානයේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණිමෙන් පසුව උදෑසන 10.00 සිට සවස 03.00 දක්වා එම නිලධාරීහූ ප්‍රකාශ සටහන්කර ගැනීම සිදුකෙරිණි.
මැතිවරණ කටයුතුවලට බාධා නොවන අයුරින් පරීක්ෂණ සිදුකර ප්‍රකාශ ලබාගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් ලබාදුන් නියෝග මත උදෑසන 09.00 හිටපු අමාත්‍යවරයා වවුනියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ශාඛාව වෙත පැමිණියහ.
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නීතීඥවරුන් තම සේවාදායකයා මැතිවරණයට ඉදිරිපත් වී ඇති බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන පරීක්ෂණවලට පෙනී සිටිම සඳහා මැතිවරණයෙන් පසු දිනයක් ප්‍රකාශයට පත්කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් කළ ඉල්ලීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වවුනියාව ශාඛාවට පැමිණ ප්‍රකාශ ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.
ප්‍රකාශ සටහන් කර ගැනීමේ අවස්ථාව නිමාවන තෙක් අමාත්‍යවරයාගේ ආධාරකරුවන් විශාල පිරිසක් වවුනියාව ඊරට්පෙරියකුලම පොලිස් ස්ථානය අසල පැය ගණනක් රැදී සිටියහ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.