( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අදාළ බුද්ධි අංශ අනතුරු අගවා තිබියදීත් අදාළ වගකිවයුත්තන් එය නොසළකා හැරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව අධි චෝදනා ගොනු කළ යුතු යැයි ඇන්ග්ලිකන් සභාවේ කොළඹ දියෝකීසයේ අගරදගුරු තුමන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ චානක සිල්වා මහතා අද (4) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කීය.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් කඩ කළැයි චෝදනා කරමින්ට හිටපු ආරක්ෂක ලේකම් හා පොලිස්පති අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් අද (4) යළි කැඳවනු ලැබූ අතර එහිදී හෙතෙම මේ බව කියා සිටියේය.
මේ ගැන බලධාරීන් දැනගෙන සිටි හෙයින් එය සමාව දිය නොහැකි කරුණක් බවත් , එහෙයින් ඔවුන්ට එරෙහිව අධි චෝදනා වහා ගොනු කළ යුතු යැයි ද ජනාධිපති නීතීඥ චානක සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
අතිඋතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පෙර ලැබුණු බුද්ධි තොරතුරු ලබා දී තිබුණේ නම් පාස්කු ඉරු දින පැවැත්වීමට නියමිතව තිබූ දේව මෙහෙයන් අවලංගු කිරීමට හැකියාව තිබුණු බවත් එසේ කළේ නම් සිදුවූ මහා ඛේදවාචකයක් වළකා ගැනීමට හැකියාව තිබුණු බවයි.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා කරුණු දක්වමින් නත්තල් දිනයට පමණක් දෙවැනි වන කතෝලිකයින්ට ඉතාම වැදගත් දිනයක් වූ පාස්කු ඉරුදින එල්ල කෙරුණු මෙම ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් යුක්තිය ඉටුකරගැනීම සඳහා අගරදගුරු හිමිපාණන් විසින් මෙම කරුණු දැක්වීම සිදු කරන බවද සඳහන් කළේය.
නඩු විභාගය තවදුරටත් පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ සමහර රටවල නම් මෙහෙම අයට නඩු විභාගයකින් අනතුරුව කෙලින්ම මරණ දඬුවම.. ලෝකේ තවත් රටවල නම් මෙහෙ අයට ජීවිතාන්තය දක්වාම සිර දඬුවම්.. ලොකෙ තවත් රටවල බරපතල වැඩ සහිතව වසර තිහ හතළිහක් සිරගෙට.. පෙර කරුණු දැනදැන අහිංසක ජනයාට මැරෙන්නට ඉඩ හැර රටේ ප්‍රධාන පුරවැසියන්, නිලධාරීන්, බලධාරීන් බලා සිටීම... මට හිතෙන්නේ සහරාන්ලාටත් වඩා කරපු වරදක් කියලා...
ඇමති මණ්ඩලේ කට්ටියත් ඉන්නවා නම් මං මේ නඩුව අහන්න කැමති නෑ.
සහතික ඇත්ත. මේ ඔක්කොම දැනගෙන තමයි බකන් නිලාගෙන ඉඳලා තියෙන්නේ. නීතිය හරිහැටි ක්‍රියාත්මක වුනොත් මේ සේරම ඇතුලේ. එ්ත් අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. පව් අහිංසක මිනිස්සු...!!!
එහෙනම් ඉතින් දියවන්නාවේ ඌරු කොටුවම වහන්න වෙනවා.
තමුන්ගේ ලාභ ප්‍රයෝජනය හැර ගස්ගල් ගානේ උපවාස නොකර අගරදගුරුතුමා නීතියේ පිළිසරණ පැතීම ගැන මගේ ගෞරවාදරය එතුමාට...