(කේ. ඩී. දේවප්‍රිය)
යාල අංක 3 කලාපයේ, බුත්තල - කතරගම මාර්ගයේදී දිවියෙකු කඩා පැන සපා කෑම හේතුවෙන් යතුරුපැදිකරුවකු අද(31) තුවාල ලබා ඇත.
දිවියා සංචාරකයන් සහ මගීන් විශාල පිරිසක් ගමන්ගන්නා මෙම මාර්ගයට පැමිණ එහි ගමන්ගන්නා පිරිසට පසුගිය දිනවලදී ද පහර දී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
ඊයේ(30) එම දිවියා එහි ගමන් ගත් තරුණයන් තිදෙනෙකු වෙත පැන සපා කා තුවාල කර ඇති අතර, පෙරේදා(29) තවත් යතුරුපැදිකරුවකුට තුවාල කර ඇත. මේ හේතුවෙන් ජනයා දැඩි බියකට පත්ව සිටිති.
මෙයට මාස 6 කට ඉහත දි මේ අයුරින් මිනිසුන් වෙත කඩා පැන තුවාල කළ දිවියකු වනජීවි නිලධාරීන් අල්ලා වෙනත් ප්‍රදේශයක් වෙත මුදා හැර තිබිණි.
මේ සම්බන්ධව ඌව හා දකුණු පළාත් භාර වනජීවී සහකාර අධ්යක්ෂ ප්‍රසන්න විමලදාස මහතා මෙසේ පැවසුවේය.
“මෙම මාර්ගය යාල වන උද්‍යානයට අයත් ප්‍රදේශයක්. ඇතැම් මාළු වෙළෙන්දන් ඉතුරු වන මාළු වනයට විසිකරනවා. ඒවා කඑන්න හුරුවුණු දිවියන් මාර්ගය ම එනවා. තවත් පිරිසක් වන අලින්ට කෑම දමනවා. මෙම මාර්ගය ජනයාට විවෘතව ඇත්තේ ගමන් යෑමට පමණයි. සමහර අය කැළයේ රථ වාහන නවතා තබා ගෙන අරක්කු බොනවා. තවත් පිරිස් වන අලින් සමග ඡායාරූප ගන්නවා. මම කාරුණිකව ඉල්ලා සිටිනවා මෙම අලින්ට කෑම දීම නවත්තන්න කියලා. කැළෑවේ කිසිම තැනක වාහන නවතා කාලය ගත කරන්න එපා. වන සතුන්ටයි කැළය අයිති. මම වන ජීවී නිලධාරීන් යොදවලා මෙම දිවියා සම්බන්ධව සොයා බලනවා” යැයිද ඔහු කීය.


(තුවාල ලැබූ යතුරුපැදිකරු)

(මීට මාස 6කට පෙර අල්ලාගත් දිවියා)
2025 නොවැම්බර් මස 21
128
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
211
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1070
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බුත්තල - කතරගම මාර්ගයේදී දිවියෙක් කඩා පැන යතුරුපැදිකරු සපා කයි
tarzan Tuesday, 31 December 2019 07:18 AM
අපේ කාලේ මෙහෙම දේවල් වුනේ නැහැ අපේ හාන්දුරුවනේ ......................
චන්නTuesday, 31 December 2019 08:43 AM
පසුගිය කාලයේ කොටීන්ට කිරි පොවපු එකේ ආනිශංස දැන් විදිනවා අපේ හාමුදුරුවනේ...
athuraWednesday, 01 January 2020 04:13 AM
චන්න දාල තියන අදහසින්ම පේනවා ඔහුගේ තියන දැනුවත්කම මහත්මය කොටිය හා දිවිය කියන්නෙ සත්තු එකම කුලේක සත්තු දෙන්නෙක්.
රවින් Tuesday, 31 December 2019 08:36 AM
වනජීවී නිලධාරියා ඉතාම නිවැරදි ප්‍රකාශයක් කරලා තියනවා. " වන සතුන්ටයි කැළය අයිති" (වනජීවී සහකාර අධ්යක්ෂ ප්‍රසන්න විමලදාස ).අලි මිනිස් ගැටුම , දිවියන්ගෙන් වන හිරිහැර, වලසුන්ගෙන් වන හිරි හැර වැනි හැමදේටම මුල මිනිසා විසින් සතුන්ට අයිතිදේ බලෙන් උදුරා ගැනීම තමා. අපේ නිවසට කවුරු හෝ අයිතිවාසිකම් කියන්න ආවොත් අපි මොකද කරන්නේ? ඒ ටිකම තමා කැලේ ඉන්නා සතුනුත් කරන්නේ. මේ කාරණය හරිහැටි අවබෝධ කරගත්විට අලි මිනිස් ගැටුමේ කෙලවර දකින්න පුළුවන් වෙයි. කැලෑ පාලු දේශපාලුවෝ කැලේ තියන ගස් ටික කපා ගත්තහම සතා සිවුපාවා කන්නේ මොනවද?