(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරිය සිටියදී එහි රාජකාරි කටයුතු සඳහා නව ප්‍රාදේශීය ලේකම්වරියක පත් කිරීමට විරෝධය පළකරමින් එහි සේවක සේවිකාවෝ පිරිසක් එම කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
වසර ගණනාවක් සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කළ කේ. ඩී. එස්. සජීවනා මහත්මිය මීට මාස දෙකකට පමණ ඉහතදී උසස්වීමක් ලබා මේ දක්වා සේවයේ යෙදී සිටියදී චෝදනාවකට ලක්වූ තැනැත්තියක් එම තනතුරට පත්කළ බවට ඔවුහු චෝදනා කළහ.
මේ සම්බන්ධයෙන් කලුතර දිස්ත්‍රික් ලේකම් යූ. ඒ. සී. ජයලාල් මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ පැවසීය.
“අපි මීට පෙර ප්‍රාදේශීය ලේකම්වරියක් පත්කර තිබුණේ නැහැ. වැඩ බැලීම සඳහා පමණයි පත්කරලා තිබුණේ. එතුමියට ප්‍රාදේශීය ලේකම් තනතුරේ සුදුසුකම් නැහැ. ඇය පරිපාලන සේවයේ තුන්වන පන්තියේ අයෙක්. පරිපාලන සේවයේ පළමුවන පන්තියේ තැනැත්තියකට තමයි ප්‍රාදේශීය ලේකම් තනතුර ලබා දී තියෙන්නේ. මම කැමති නැහැ නිලධාරීන්ගේ අභිමානය නැතිකරන්න. ආයතන සංග්‍රහය අනුවයි පත්වීම් කරලා තියෙන්නේ. ”



COMMENTS
කිසිදු ප්‍රශ්නයක් නැහැ. අගමැතිවරු දෙදෙනෙක් සහ විපක්ෂ නායකවරු දෙදෙනෙක් හිටපු රටක ප්‍රාදේශීය ලේකම්වරු දෙදෙනෙකුත් හිටියහම මොකද.?
අම්මෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ඉන්න සේවක සේවිකාවන් තොගය... ලංකාවට දෙයියන්ගේම පිහිටයි..
හරියට හරි. චෝදනාවලට ලක් වුණු තැනැත්තියක් නම් එයාට සුදුසුකම් තියනවා නේන්නම්! ඒ වගේ නිලධාරීන් තමයි ආණ්ඩුවට ඕන කරන්නේ!
මොන පන්තියෙන් ආවත් බුදියන එක තමයි කරන්නේ...ඔය රාජ්‍ය සේවය කියන සුදු අලියා තමයි මේ රට ගිලගෙන ඉන්නේ ..
මෙම වාර්තාව සුදුස්සෙක් පැමිණියාට විරෝධය ලෙස වෙනස් කරන්න...
මහින්ද මහත්තයා හිටිය කලේ මේ වගේ පිකටින් කරන්න මේ ගොල්ලන්ට කොන්දක් තිබුනේ නැහැ. දැන් ඕනෙම එකකට උද්ඝෝෂණ. නුසුදුස්සෙක් පත් කරන්න කියලනේ මේ කලබල කරන්නේ...