(ඩයනා උදයංගනී)

ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා සංචරණ සීමා ලිහිල් කළ අද (25) උදෑසන සිට විශාල ජනතාවක් නගරවලට පැමිණ සිටියහ.

මේ වෙනුවෙන් අද (25) උදෑසන 04.00 සිට රාත්‍රී 11.00 දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදීගැනීමට නිවසකින් එක් අයෙකුට පමණක් ළඟම පිහිටි වෙළෙඳසැලට පා ගමනින් යෑමේ අවස්ථාව පවතින බව රජය නිවේදනය කර තිබුණත් ජනතාව පෞද්ගලික වාහනවලින් පැමිණ සුපිරි වෙළඳසැල්, සතොස අලෙවිසැල් හා මග දෙපස භාණ්ඩ අලෙවිසැල් අසල පෝලිම් ගැසී භාණ්ඩ මිලදී ගනිමින් සිටිනු දක්නට ලැබිණි.

ඇතැම් ස්ථානවල ජනතාව දුරස්ථභාවය ගැන පවා අවදානය යොමු නොකරමින් කටයුතු කරනු ද දක්නට ලැබිණි.

මේ හේතුවෙන් නගරවල රථ වාහන තදබදයක් ද පැවතිණි.

එහෙත් මේ වනවිට ප්‍රධාන නගරවලට ජනතාව විශාල වශයෙන් එක්රැස්වෙමින් පවතින බවත් එය බරපතළ ගැටලුවක් බවත් පොලිසිය සඳහන් කළේය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)

(ඡායාරූප: ජයමල් චන්ද්‍රසිරි)