තලේයිමන්නාරම ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 05 ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත ගෝනි 27 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් කළ සෝදිසි මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
එහිද බීඩී කොළ කිලෝග්‍රෑම් 912 ග්‍රෑම් 460 ක ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනීමට සමත්ව ඇති අතර, ඒවා ඩිංගි යාත්‍රාවක් මඟින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක කෙරේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 32 සහ 38 වන වියෙහි පසුවන මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම බීඩී කොළ තොගය සහ පුද්ගලයින් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරනු ඇත.


(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)
(36698)
COMMENTS
අනේ දෙවියනේ බීඩියක් බොන්නේ බොහොම දුප්පත් මිනිස්සු. ඒ දුම් වැටියත් මිනිස් ජීවිතය අවශ්‍යයි. ඔය කොළ අත්අඩංගුවට ගත්තේ බීඩි බීම නවත් වන්න නොවේ බදු නොගෙවූ නිසා
ඔය එන්නේ. පහුගිය දවස්වල පුත්තලම සිට උතුරු දෙසට ඇති හමුදා කඳවුරු ඉවත් කරන්න කියලා උද්ඝෝෂණ තිබුනා නේද? ඔය වැඩය පිටපස උද්ඝෝෂණ සංවිධායකවරු ඇති. හොරු ටිකයි දේශපාලකයෝ (කම්බා හොරු) ටිකයි තමයි ලංකාවේ තියන ප්‍රශ්න වලින් 95% කට වැඩිය ඇති කරන්නේ.
විල්පත්තුව අනවසරයෙන් එලිකරලා පදිංචි කරපු අයට වෙන්ට ඇති ගෙනෙන්න ඇත්තේ .
ඉස්සර කාලේ නම් බීඩි කර්මාන්තයෙන් ධනවත් උන කට්ටිය ඇමති තනතුරු වලටත් පත් උනා. අපට මතකයි නුවර පළාතේ තිබුන ප්‍රසිද්ධ රැස්වීමකදී එක්කෙනෙක් ශබ්ධ විකාශන යන්ත්‍රයකින් කියනවා" මේක වැදගත් රහසක්. කාටවත් කියන්නනම් එපා. පිලිප් නමැති කේෂර සිංහ නාග රාජයා පෙනේ පිප්පුවාට දෂ්ඨ කරන්නේ නෑ" කියල.
නියමයි
බමුණුගේ නිගමනයේ හැටියට බීඩියත් ජන ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. ඒවගේ විටමින් "B " සහ විටමින් " D" දෙකම තියනවා කියලා හිතාගන මිනිහා දවසකට අදිනවා ඇති මිටි තුන හතරක්!