( බන්ධුල ඉලේපෙරුම)
අයවැය විවාදය මාසයකට ආසන්න කාලයක් පැවැත්වීමෙන් පසු සාම්ප්‍රදායිකව සෑම වසරකදීම කථානායක නිල නිවසේදී සියලු මන්ත්‍රීවරුන් හා හිතවතුන් වෙනුවෙන් පැවැත්වූ භෝජන සංග්‍රහය කොවිඩ් 19 වසංගත තත්ත්වයක් පවතින මෙවැනි වකවානුවක නොපවත්වන්නේ නම් සුදුසු යැයි සමගි ජනබලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද(10) පාර්ලිමේන්තුවේදී යෝජනා කළේය.
එසේම මේ සඳහා වැයවන අධික වියදම කොවිඩ් 19 හේතුවෙන් අසරණ ව සිටින ජනයා වෙනුවෙන් සහන ලබාදීමට යොමු කරන ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.
මේ පිළිබඳ සලකා බලන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහිදී සභාවට දන්වා සිටියේය.
අද සවස මෙම භෝජන සංග්‍රහය කථානායක නිල නිවසේදී පැවැත්වීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර ඇති අතර 700කට අධික අමුත්තන් පිරිසකට මේ සඳහා ආරාධනා කර ඇත. අධික වියදමක් දරා සැරසිලි කටයුතු ආහාර පාන ආදිය සූදානම් කර ඇති අතර සෞඛ්‍ය අංශ මහජනයාට දන්වා ඇත්තේ මෙවැනි විශාල පිරිස් ඒකරාශීවල උත්සව සංවිධානය නොකරන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාටියට 700 එනවා නම් වෙඩිමකට 300කට කිවම මොකද වෙන්නෙ..? සම හරක්ට විතරක් වෙනම නීති මොකටද?
අයවැයෙන් කන ප්‍රමාණය මදිද තවත් කන්න හදන්නේ? අපේ රටෙ කවුද මෙ විකාර සම්ප්‍රදායයන් හදන්නේ? ඔවුන්ගේ වාසියට හැමෝම හොදට කන අය තමයි ඔය පාටියෙත් කරන්නේ..... රට වැසියන් වැඩි ප්‍රමාණයක් එදාවෙල කන්න විදිහක් නැතිව කල්පනා කරනවා. මෙක තමයි ඇත්ත.
බමුණා වගේ බයියන්ට මෙවා පේන්නේ නැහැ.
මෙච්චර දවස් ඉදලා පාටිය තියෙන දවසෙ තමයි එපා කියන්නෙ. බොරු ශෝ තමයි....
කොවිඩ් වලින් මැරුණු මිනිහට පෙට්ටියට සල්ලි දෙන්න ආණ්ඩුවට සල්ල නෑ. කොටි ගණන් වියදන් කරලා පාටි දාන අයට අපේ බදු සල්ලි...
ඔය වගේ උත්සව පවත්වන්න මේක සුදුසු කාලයක් නොවෙයි. පළමුවෙන්, එය කොවිඩ් සෞඛ්‍ය රෙගුලාසි වලට විරුද්ධයි. දෙවෙනුවෙන්, රටේ පවතින ආර්ථික අහේනිය නිසා, මේ වගේ විශාල වියදම් රජය විසින් දැරීම වැරදියි. තුන්වෙනුව, මේ මුදල සංචරණ තහංචි ඇති ප්‍රදේශවල ජනයා කන්න නැතිව දුක් විඳින පසුබිමක, දේශපාලකයින් සාජ්ජ දැමීම සදාචාරාත්මක නෑ. රටේ පාලකයෝ ආදර්ශමත් විය යුතුයි. සංවේදී විය යුතුයි. ජනපතිතුමා මැදිහත්වී මෙය වහාම අවලංගු කල යුතුයි. කෑම බීම දැනටම හදා ඇතිනම්, ඒවා ඔය ලොක් ඩවුන් කල ප්‍රදේශවල ජනතාවට බෙදා දෙන්න...
කටවසාගෙන ඉන්න 69 ලක්ෂය අපිට බලය දුන්නේ මෙ විදිහට වැඩ කරන්න.
ලංකාවෙ මිනිස්සුන්ට කෑම හිඟයක් නෑ. කොස් ගෙඩියක් තම්බගෙන කන්න හරි පුළුවන්. මේවා ලෝක පාර්ලිමේන්තු සම්ප්‍රදායන්.... මේවා කඩකළොත් අපි කොන් වෙනවා. අපි නිදහස් දිනේට යුද ශක්තිය පෙන්වනව වගේ දෙයක් තමයි මේකත්....
බජට් පාටි වැනි සම්ප්‍රදායික මනස්ගාතවලින් මේ කොරෝනා කාලෙවත් වැලකී ඉන්න බැරිද ? පාටි දාපු හැම තැනකම කොරෝනා බෝවුනා.
මොනවා කරන්නද." අපේ කාර් අපේ පැට්‍රල් " කියන කොට එහෙමයි කරනකොට මෙහෙමයි. මරණිය දණ්ඩනය ලබා හිරගෙදර ඉන්න කට්ටියත් නත්තලට කලින් එලියට දැම්මට පස්සේ 69 ලක්ෂයට හරී සනීපයක් දැනෙයි ඉතින්.
ජනපතිතුමනි, ඔබතුමා මොකද කරන්නේ? කවුද මෙ අදහස දුන්නේ?
ඔයා දිනුවෙ අය වැය විවාදය නොවෙ. ලෝකෙට තවත් ණය වෙන විදිහ පැහැදිලි කළා විවාදය... ඒක සමහර උත්සව පවත්වන එකම රට වීම ආඩම්බරයක්...
අපේ රටෙ මිනිස්සුන්ට තියන ප්‍රශ්නේ දේශපාලකයෝ සල්ලි නාස්තිකරන එක නොවෙයි. තමන් ඡන්දෙ දුන්නු කට්ටිය සල්ලි ගසාකෑවට කමක් නැහැ. අනික පක්ෂයේ අය සල්ලි ගසා කෑවොත් හරි අනික් අය ඒකට විරුද්ධව කතාකළොත් හරි තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. මෙ වගේ දීන ජාතියක් කවදාවත්ම හදන්න බැහැ.
මොකක්ද අප්පා මේ පාටිය?
ධනපාලගේ පැණියට අනුමැතිය දීපු සර්ගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
කොළඹ මිනිස්සු දරුවන් බදාගන්නේ පාරට බැහැලා... මෙයාලා 500 පාටි දානවා. අපේ මහ සංඝ රත්නයත් මයාලාට පිරිත් නූල් බැදලා ආශීර්වාද කරනවා.
අපේ සර්ලා පාටිවලට හරස් වෙන්න එපා. අපි පාන් නැතිනම් කේක් කනවා.
ඉතාම අශෝබන ක්‍රියාවක්. ජනතාව සා ගින්නෙන් පෙලෙද්දී සියලු සෞඛ්‍ය නීති කඩමින් මේ කරන නීති විරෝදී ක්‍රියාවට සියලු දෙනාම අප්‍රසාදය පලකල යුතුයි. මේ රජයත්, ජනාදිපතිත් ඉතා දරුනු ලෙස ජනතාවගෙන් ඈත්වෙමින් සිටිනවා.
තමන්ගේ මුදල්වලින් පාටි දාගන්න... රටෙ ජනතාවගේ මුදල් නාස්ති කරන්න එපා. කොවිඩ් අරමුදල නිසා මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරනවා. ආණ්ඩුවෙ සල්ලි කාබාසිනියා කරනවා. ලැජජයි නේද?
ෆොන්සේකාත් ඔය පාටිය අනුමත කරලා තිබුණා. ලැජ්ජයි.