(ඩයනා උදයංගනී)
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හෙට (14) දිනය වන විට ගැඹුරු පීඩන අවපාතයක් සහ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එය උතුරට බරව දිවයිනෙන් වයඹ දෙසට ගමන් කරනු ඇති බවත් මේ හේතුවෙන් බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල තද සුළං සහ උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පොතුවිල් සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බැවින් බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල මෙම මස 16 වැනිදා දක්වා ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පවසයි.
මෙම මුහුදු ප්‍රදේශවල තද වැසි සහ පැයට කිලෝමීටර 70, 80 පමණ දක්වා වන තද සුළං ඇතිවිය හැකි බවත් දිවයින හරහා පැයට කිලෝමීටර 50ක් පමණ වේගවත් සුළං සහ තරමක ශීත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 04
354
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
403
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතයේ වර්ධනයක්