
බංගලාදේශයේ ඡලෝකාටි දිස්ත්‍රික්කයේ සුගන්ධා නදියේ යාත්‍රා කරමින් කුඩා මගී නෞකාවක ඇති වූ ගින්නකින් 39 දෙනකු මියගොස් 72 දෙනකු පිළිස්සුම් තුවාල ලබා ඇතැයි බංගලා දේශ මාධ්‍ය වාර්තා කරයි.
නත්තල් නිවාඩුවට නිවෙස් බලා යමින් සිටි මගීන් 800 රැගෙන එම්.වී අවිජාන්-10 ෆේරි නෞකාවේ පෙරවරු 3.00 ට පමණ මෙම ගින්නක් හටගෙන ඇත.
ගින්න පැතිරෙනවාත් සමග පිරිසක් ගඟට පැණ ඉවුරට පීනා ඇත.
ගින්නට අසු වූවන් මුදවා ගැනීමේ මෙහෙයුමට නායකත්වය දුන් ගිනි නිවන හමුදාවේ නිලධාරී කමල් උද්දින් මහතා පැවසුවේ ගින්න නෞකාවේ එන්ජින් කාමරයේ හටගන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවයි .
ඔහු තවදුරටත් කියා සිටියේ ගිනි නිවන රථ {බෝට්ටු} 15 කට හටගත් ගින්න නිවා දැමීමට පැය දෙකක කාලයක් ගත වූ බවයි .ගින්න නිවා දැමීමෙන් අනතුරුව නැව ගං ඉවුරට රැගෙන ඇවිත් ඇති අතර ගිනිගත් නැව සිසිල් කර ඇතුළට යා හැකි තත්වයට පත් කිරීමට තවත් පැය 8ක කාලයක් ගත වී ඇත .
ගඟට පැන්නවුන් ගිලි ඇද්දැයි දැන ගැනීම කිමිදුම්කරුවන් ගං පතුලට කිමිදෙන්නට විය . බලධාරීන් පවසා සිටියේ මරණ ප්‍රමාණය ඉහල යා හැකි බවයි .


2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බංග්ලාදේශයේ මගී යාත්‍රාවක ගින්නක්:39ක් මරුට