(පාලිත ආරියවංශ)
කාන්තාවකගේ බැංකු කාඩ්‍පතක් වංචා සහගත ලෙස ලබාගෙන පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ විසිඅටක මුදලක් ලබාගත් සැකකරුවෙක් මාර්තු මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (25) නියෝග කළේය.
බදුල්ලේ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් වන සැකකරු බුත්තල ප්‍රදේශයේ වැන්දඹු කාන්තාවක් විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇය රවටා මෙම වංචාව සිදුකර ඇතැයි සඳහන් කළේය .
ඇය සතුව තිබූ ගොඩනැගිල්ලක් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට විකුණා ඇති අතර එම මුදල බැංකු ගත කිරීම සඳහා සැකකරුගේ සහය ලබාගෙන ඇති බවත් එම අවස්ථාවේ ලැබුණ බැංකු කාඩ්පත වංචා සහගත ලෙස සිය භාරයට ගෙන ඔහුගේ කාඩ් පත ඇයට දී ඇතැයි අනාවරණය වී තිබේ.
ඉන්පසු අවස්ථා කීපයකදී සැකකරු එම කාන්තාවගේ බැංකු කාඩ් පතින් රුපියල් ලක්ෂ විසි අටකට වැඩි මුදලක් ලබාගෙන ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය.
පැමිණිලිකාරිය බැංකුවට ගොස් කාඩ්පතෙන් මුදල් ලබාගැනීමට ගිය අවස්ථාවේ මෙම වංචාව පිළිබඳ හෙළි වී තිබේ.
සැකකරු පිළිබදව නියම තොරතුරු දැනගෙන නොසිටි බැවින් පොලිසිය පැමිණිළිකාරිය ලවා තම දියණියට අසනීප වී ඇති බව පවසා සැකකරුට පැමිණෙන්නැයි දුරකතන පණිවිඩයක් ලබාදී තිබේ.
ඔහු නිවසට පැමිණි අවස්ථාවේ පොලිස් නිලධාරින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වංචා සහගත ලෙස ලබාගත් මුදලින් බස්රථයක් මිලදී ගෙන තිබූ බවත් එයද පොලිස් භාරයට ගත් බවත් පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 16
12
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බැංකු කාඩ්පතකින් ලක්ෂ 28 ක් සොරාගත් අයෙක් රිමාන්ඩ්