
(ජයන්ත සමරකෝන්)
බිත්තර මිල තවදුරටත් අඩු නොකළහොත් බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සිදුවන බව බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා ලංකාදීපයට අද(08) පැවැසීය.
ලංකාවේ බේකරි 7000ක් පමණ පවත්වාගෙන යන අතර, එම බේකරිවලින් නිපදවන කෙටි කෑම වර්ග සඳහා දිනකට බිත්තර පමණක් කෝටියකට අධික සංඛ්‍යාවක් අවශ්‍ය බවද, මිල වැඩිවීම නිසා බේකරි නිෂ්පාදනවල පිරිවැය විශාල ලෙස ඉහළ ගොස් ඇතැයිද ඒ මහතා කීය.
ප්‍රධාන පෙළේ බේකරි නිෂ්පාදන ආයතනයකට දිනකට බිත්තර ලක්ෂ එකහමාරක් පමණ අවශ්‍ය බවද, බිත්තර මිල ඉහළ යාම හේතුවෙන් බිත්තර සඳහා පමණක් දිනකට රුපියල් ලක්ෂ 30ක් පමණ වැයකිරීමට සිදුවී ඇතැයි ඔවුන් පෙන්වා දෙන බවද හෙතෙම සඳහන් කළේය.
බිත්තර නිෂ්පාදකයන් ගෙන්වා බිත්තරයක මිල රුපියල් 2කින් පහත දැමීම ප්‍රශ්නයට විසඳුමක් නොවන බව කී ඒ මහතා, ඉකුත් දා වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවේදී බිත්තර මිල තවදුරටත් අඩු නොකරන්නේ නම්, පිටරටින් හෝ ආනයනය කරන ලෙස ඉල්ලා සිටි බවද ඔහු කීය.
COMMENTS
අපේ බිත්තර ඇමැතිතුමාට මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් වෙයිනේ...
ඕක තමයි බන්දුල මහත්තයා, පාරිභෝගිකයාට සාධාරණයක් වෙන්ට ඕනේ නම් ලංකාවේ විවෘත ආර්ථිකයක් තිබිය යුතුමයි කියලා කියන්නේ...
මේක නම් වෙස්වලාගෙන එන ආශිර්වාදයක්... බේකරි හිමියන්ට බේකරි නිෂ්පාදනයට අවශ්‍ය බිත්තර බේකරි හිමියන් විසින්ම නිෂ්පාදනය කරන්න. මාස 05යි ගතවෙන්නේ... දැනට බිත්තරවලට යන මුදලින් 60% ඉතිරි වෙනවා. කාටද වාසි?
මේ අය මොනවාටද බිත්තර දාන්නේ? පාන් මිල වැඩිකරන්න එපා. බිත්තර නොදා ඉන්න. බිත්තර තියා කේක් එකකට මාජරීන් ටිකක් දානවද?
ටී බනිස්වලට, කිඹුලා බනිස්වලට, පාන්වලට බිත්තර දානවද? අපි කන්නේ ඕවා විතරයි. අනික් කෑම වලට ඕනෙ දෙයක් කරගන්න. ඒකට අපිට කමක් නැහැ.