



(චන්ද්‍රසේන ගමගේ)
දේශීය පක්ෂියෙකු වූ ‘’ලතු වැකියා’’ වාසය කරන්නේ වියළි දේශගුණයක් සහිත තෙත්බිම් වලය. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ වෙසෙන ‘’ලතු වැකියා’’ගේ ප්‍රධාන වාස භූමිය වූයේ බූන්දල කුරුලු අභය භූමිය හා කළමැටිය කුරුලු අභය භූමියයි.
මාසයකට අධික කාලයක් තිස්සේ පැවති ඇදිරි නීතිය නිසා දකුණු ප්‍රදේශය තුළ මිනිස් ක්‍රියාකාරකම් අඩු වී තිබීම හේතුවෙන් ගහ කොළට නව පණක් ලැබිණි. අපවිත්‍ර වී තිබූ තෙත් බිම් සියල්ල ස්වාභාවික තත්වයට පත් වූහ. පියාසර කරන්නට තැනක් නැතිව සිටි ලතුවැකියාට ද නිදහසක් ලැබුණි.
ලතුවැකියා මේ දිනවල හම්බන්තොට දිස්ත්‍රික්කයේ නව තෙත් බිම් පෙදෙස්වල සැරි සරන අයුරු මෙලෙස කැමරාවට හසු විය.
COMMENTS
මෙක ඉතින් අපේ ලාංකිකයින්ගේ හැටිනේ...
සොබා දහමට වින කරනා මිනිසා අකර්මන්‍ය වන විට සොබා දහම විකසිත වන අකාරය විශිෂ්ටයි..
"..ෂෝක් වතුර ටික.. හරිම පැහැදිලියි.. ඕන තරම් මාළු... එහෙට මෙහෙට පිහිනනවා... හිටපු ගමන් උඩත් පනිනවා.... හරියට 'අපිව අල්ලාගන්න..' කියනවා වගේ. එත්...පෙර ආත්මයක කරනලද පව් නිසා අපි මේවගේ කුරුල්ලන්වෙලා..මාලු වගේ සතුන් ආහාරයට ගන්න සලස්වලා..ඒකට කියන්නේ කර්මය කියලාලු.එත්...මේ කර්මයෙන් මිදෙන්නේ කොහොමද...?මාළු නොකා අපි මොනවා කන්නද...මිනිස්සු වගේ පාන්,බත් කන්නද...?බැහැ ..අනේ අපිත් අසයි සතුන් නොමරා ඉන්න.. එතකොට අපි ජිවත් වෙන්නේ කොහොමද...? මේ ප්රශ්නය විසඳාගන්න බුදුන් වහන්සේවත් හිටියා නම්.. කෙසේ වෙතත් අද වෙසක් පොහොය දිනය. අදට වත් අපි ට්‍රයි කරලා බලමු ... වෙජිටේරියන් වෙන්න.. එතකොට මේ අනන්තවූ භව ගමන ඩෙල්ටා ප්‍රමාණයකින් හරි අඩුවෙන්නේ නැතැයි.. මාලුවනේ අද සුබ වෙසක්..!!!..."
විජිත්ගේ කොමන්ටුවට හිනා ගියත් , හරිම රසවත් විදිහට ඉදිරිපත් කිරීම ගැන ස්තුති වන්ත වෙනවා.. මෙයාලා බකතපස් රකින්නේ මාළුවෙක් අල්ලගන්න විතරක්නේ. ඒත් අපේ සමහර මිනිසුන් කියන සත්වයා , සුදුපිරුවට සැරසිලා කරන පව් ගැන සිතන කොට නම් , මට හිතෙන්නේ මේ අසරණ පක්ෂීන් ඇත්තටම අහිංසකයි කියලා.
සොබාදහමට කරන ලද විනාශය නිසා මුලුලෝකයම වගේ දැන් විඳවනවා.. නමුත් මිනිසාට මෙය තේරුම් ගන්නට හැකිවෙයිද? කියන එක මට තේරුම් ගන්නත් බැහැ.
අපේ සමහර පන්සල් වලත් මෙහෙම අය ඉන්නවා. ඔක්කොම නෙවෙයි.