IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පී.සී.ආර් වාර්තාව එන්නත් පෙර මළ සිරුර බාරදීලා

(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබාමින් සිටිය දී මියගිය කුරුවිට පාතගම ප‍්‍රදේශයේ කාන්තාවකගේ සිරුර නිවසට රැගෙනවිත්  පැය කිහිපයකට පසු පොලිසියේ සහ  සෞඛ්‍ය අංශ නිලධාරීන් මැදිහත්ව එම සිරුර රාත්‍රියේම  සැල්ල ආදාහනාගාරයේ දී ආදාහනය කළ බව පොලිසිය කුරුවිට කියයි.

මෙම මව කිසියම් වෙනත් අසනීප තත්ත්වයකට රෝහලට ඇතුළත් කිරීමේ දී කළ රැපිඞ් ඇන්ටින් වාර්තාවෙන් කෝවිඩ් 19 ආසාදිත නොවන බවට තහවුරු වී ඇත. එම වාර්තාව අනුව ඇය ඇය වාට්ටුවකට ඇතුළත් කර ප‍්‍රතිකාර ලබාදී තිබේ.

ඒ අතර තුර ඇය මියගොස් ඇත.  මළ සිරුර ද පීසීආර් පරික්‍ෂණයකට යොමු කර ඇති අතර   එම වාර්තාවේ ප්‍රතිඵල නිකුත් වන්නට පෙර හදිසි මරණ  පරීක්‍ෂණයක් ද පවත්වා සිරුර අයිතිකරුවන්ට බාරදී ඇති බව ද පොලීසිය කියයි.
පසුව මල්ශාලාවකට සිරුර බාරදී එහි කටයුතු අවසන් කටයුතු කර සිරුර පාතගම, දුම්මලේගොඩ නිවසට රැගෙන යන අතර තුර ලැබුණු පී.සී.ආර් වාර්තාවට අනුව ඇයට කෝවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

වහාම ක්‍රියාත්මක වූ පොලිසිය මියගිය තැනැත්තියගේ ඥාතීන් දැනුවත් කර රාත‍්‍රීයේම සිරුර ආදාහනය කිරිමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබුණි.
මියගිය කාන්තාව රෝහල්ගතවීමට පෙර කුරුවිට නගරයේ පදිංචි රත්නපුර මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරියකගේ නිවසේ නැවතී සිටි බවට තොරතුරු ලැබි මෙන් පසු එම වෛද්‍යවරිය ඇතුලූ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර ඇත.

 



අදහස් (1)

පී.සී.ආර් වාර්තාව එන්නත් පෙර මළ සිරුර බාරදීලා

සිරිබිරිස් Sunday, 09 May 2021 11:00 AM

පුදුම වීදියේ මෝඩ වැඩක් නේද කරල තියෙන්නෙ . එම්බාම් කරපු මිනිස්සුන්ට සහ ඊට පස්සෙ වෙච්ච දේවල් වලට කවුද වග කියන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site