IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පී.සී.ආර්. යන්ත්‍රය අලුත් වැඩියා කරන්න චීනයෙන් ගෙන්වයි

 

(හර්ෂණ තුෂාර සිල්වා)

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ තිබෙන මෙරට වැඩිම ධාරිතාවක් ඇති පී.සී.ආර්. යන්ත්‍රය අලුත් වැඩියා කිරීම සඳහා චීනයෙන් කාර්මික නිලධාරියෙකු ගෙන්වීමට මේ වනවිටත් පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් අද (30) පැවැසීය.

ඔහු ගෙන්වීමේදී සෞඛ්‍ය අංශ නිකුත් කර තිබෙන රෙගුලාසි දැඩිව පිළිපදින බවත් ඔහුට ගුවන් තොටුපොළේදීම පී.සී.ආර්. පරීක්ෂණයක් කරන බවත් එම ප්‍රකාශකයා කීය.

චීනයෙන් ගෙන්වන එම කාර්මික නිලධාරියා රෝහල් රසායනාගාරයේ වෙනම ස්ථානයක රඳවා තබන බවත් අලුත්වැඩියා කටයුතු අවසන් වීමෙන් පසු ඔහු නැවත පිටත් කරන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීවේය.



අදහස් (4)

පී.සී.ආර්. යන්ත්‍රය අලුත් වැඩියා කරන්න චීනයෙන් ගෙන්වයි

බද්රානි Friday, 30 October 2020 11:10 AM

මහා ලොකුවට කයිවාරු ගැහුවට, කැඩුණු PCR මැෂින් එකක් අලුත්වැඩියා කරගන්න පුළුවන් කමක් ඇති කාර්මික නිලධාරියෙක්වත් ලංකාවේ නැද්ද? ඇයි අර සියල්ල දත් දොස්තර කල්ලියේ බක පණ්ඩිතයින් ඒ ගැන දැනුවත් නැද්ද? චීනෙන් වෛද්‍යවරුත් ලංකාවට ගෙන්වූවා නම්, තමයි වඩා හොඳ.

:       1       12

Sam Friday, 30 October 2020 11:57 AM

චීන මැෂින් එකක්ද? ඩොනේෂන් එකක් නම් කමක් නෑ.

:       2       7

Nandalal DE SILVA - FranceSaturday, 31 October 2020 08:37 AM

ඩොනේෂන් එකක් නිසා වෙන්න ඇති ඔච්චර ඉක්මණට කොට උඩ ගියේ... එහෙ පාවිච්චි කරන්න බැරි , පරණ යකඩ අපේ රටට ආවම , අපේ ගොබ්බයන්ට ඒවා විශාල පරිත්‍යාග හැටියට පේනවා. දවස්, සති, මාස ගණන් ගියාට පස්සෙ ඒවා පංචිකාවත්තට මිස රෝහල්වලට ප්‍රයෝජනයක් නැහැ. ඒවා රෙපෙයාර් කරන්න චීනා රෙඩ් ආමි ඔත්තු කරුවන් ගෙන්නාගන්න වෙනවා. අපේ රටට අබ සරණයි...

:       0       0

Nandalal DE SILVA - France Friday, 30 October 2020 04:52 PM

දැන් අපේ රටෙ හැම බම්බුවකටම චීනෙක් නැතිව බැහැ වගේ. ඔය කෙහෙල්මල ශ්‍රී ලංකාවට ආනයනය කළේ මොන රටකින්ද? ඔය යන්තරෙ මිලදී ගන්න කොට ඒකෙ නඩත්තුව සදහා අපේ රටෙ කාර්මික නිලධාරියෙක් එරටට යවා නඩත්තු පුහුණුවක් දුන්නේ නැද්ද? ඒක විකුණපු රට මගින් .... ඒක සමහර විට එම රටින් ගහපු ගැටයක් වෙන්නත් බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site