අංජුල මහික වීරරත්න
අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරීම පිළිබද යෝජනාව සම්මත කිරීමේදී බහුතරයක් තිබේ නම් යෝජනාව පරාජය කරන්නැයි ද බහුතරයක් නැතිනම් ඊට බාධා කරන්නට උත්සාහ කරනු ඇතැයි ද එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පැවසීය.
විශ්වාසභංගය තහවුරු වී ඇතැයි කතානායකවරයා ප්‍රකාශ කිරීමත් සමඟ කැබිනට් මණ්ඩලය අහෝසි වී යන හෙයින් අගමැතිවරයාට මුදල් වෙන් කිරීමට හැකියාවක් නැති බවට වන යෝජනාව ඉදිරිපත් කළ බව කී වික්‍රමසිංහ මහතා දැන් එම අභියෝගය බාර ගන්නා ලෙසද පැවසීය.
පාර්ලිමේන්තුවේ මෙන්ම රටේ බහුතරය තමා ඇතුළු පුළුල් පෙරමුණට තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා ඒ නිසා ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවද සඳහන් කළේය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ දී ක්‍රියාකරන ආකාරය දෙස බලා රටට සැබෑ පණිවුඩය ලබාදීමෙන් පසුව ඉදිරියට යන බවද වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කීය.
කොළඹ අරලියගහ මන්දිරයේ දී එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
මම හිතන්නේ මහින්ද මහත්තයට "දිරපු ලණු" ගිල්වපු අර පීචන් "පිල" උඩ ලැගලා ඉන්න "වංස"ලා ඇතුළු නඩයම හොම්බ බිම ඇනගන්නේ මේකෙන් තමයි.
මේවා නෙමෙයි අභියෝග... පුළුවන් නම් ජනාධිපති වාරණයකට ඇවිත් දිනලා පෙන්නන්න..
ජනාධිපතිවරණය ජනාධිපතිගෙන් ඉල්ලගන්න. එයාව පත් කලේ ඔයාලා මිසක් අපි නෙමේ.. මහ ඡන්දයකට මහින්දත් එක්න තමයි අභියෝගය... අනිත් එක මුස්ලිම් ඡන්දයි දෙමළ සන්ධානයේ ඡන්දයි එකතු කරලා රතු අලි පැටියත් එක්ක එන නිසයි ඔය උඩු බුරන්නේ... අමතක කරන්න එපා... අපි සිංහල බව අපිත් ලෑස්තියි. ඡන්දය දෙන්න ජාතිය වෙනුවෙන් මෙවර එ් වෙනස දැකගනීවි... මරණාධාර සමිතියකට හරි ඡන්දය ඉක්මනට දීපල්ලා...
නියම අභියෝගය නම්, හැකිනම් එජාපෙ ලබන වසරට අය වැයක් ඉදිරිපත් කරලා පෙන්නන්ට. මේ ඔක්කොටෝම මුල මේ අයට නියමිත කාලයේදී අය වැයක් ඉදිරිපත් කර ගන්නට බැරි වුණු එක...
ඕනෑම අභියෝගයකට සූදානම්ලු... හැබැයි මහජනතාවට බයයි. පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයකට යනවා කියනකොට එ්ක නවත්තන්න උසවිත් ගිහින්.. තහනම් නියෝගත් ඉල්ලනවා.
කි දෙනෙක් මේ සැරේ ගෙදර යයිද? ජනතා තීරණය කවද්ද? ගණන් හදා ගන්න ලේසි නැ
ජනතාව කියන්නේ මේ සැරේ පුළුවන්නම් මැතිවරණය දිනලා පෙන්වන්න කියලා...
මෙන්න වෙනස ඇඹිලිපිටියේ ගොවියෝ. කෙසෙල් ගලවලා ගොයම් හිටවන්න හදනවා. පොහොර මිල අඩුකළ නිසා... ගොවියන්ගේ බහුතරය සැපද?
හිතෙන හිතෙන වෙලාවට ඡන්ද තියන ක්‍රමයක් කොහෙවත් නැහැ ..