පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලෙහි වෙළෙඳුන් යොදාගෙන කළ පී සී ආර් පරීක්ෂණය අනුව එහි කිසිදු වෙළෙන්ඳකුට කොරෝනා වයිරසය අසාදනය වී නැති බව තහවුරු වී ඇතැයි සෙඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා පැවසීය.
මත්ස්‍ය වෙළෙඳපොලෙහි කොරෝනා වයිරසය ව්‍යාප්ත වී දැයි සැක මතුවීමෙන් වෙළෙඳුන් 529 ක් මෙම පීසී ආර් පරීක්ෂණයට යොදා ගැනීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබිණි.
(ඡායාරූප - ශාන්ත රත්නායක)



COMMENTS
සතුටුදායක ආරංචියක්....
ප්‍රයෝගිකව කොරෝනා උපදෙස් පිළිපදින්නේ නැති කිසිම සේවාවක් දැන්ම පටන්ගන්නේ නැති එක රටට හොඳයි. හරියට මේ හොයාගෙන නිරෝධායනයේ ඉන්න ටික හොඳ කරගත්තොත් ඉක්මනින් රට ඇරගන්න පුළුවන් .හැබැයි මී හරක් ටික දැන්මම ගාලෙන් එළියට දාලා රට දුවන්න යනව නම් මේ ප්‍රශ්නේ වැල වගේ ඉදිරියටම යයි. රජයට කරන්න පුළුවන් ,උපදෙස් දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. මිනිස්සු පිළිපදින්නේ නැතිනම් රජයේ වැඩපිළිවෙල ගඟට ඉනි කැපුවා වගේ වෙයි.
එක් වරක් පමණක් පරීක්ෂා කරලා මදි නේද? සමහර ආසාදිත අයව හදුනා ගත්තේ දෙවෙනි පරීක්ෂණවලදී.. ඒ වගේ අය මෙතන හිටියොත් ලොකු අවදානමක් තියෙනවා.. ඉක්මන් නොවී නැවත වතාවක් පරීක්ෂා කළොත් හොඳයි...
ටික දවසකට මාළු නොකා හිටියොත් නරකද?