IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


’පළමු ශ්‍රේණියේ සිසුන් ගණන 40 කරන්න උසාවියෙන් අවසර ගන්නවා’

(රංජන් කස්තුරි)

රජයේ පාසලක පළමු ශ්‍රේණියේ පංතියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩිකර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලබාගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

පළමු ශ්‍රේණියේ එක් පංතියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 සිට 35 දක්වා අඩු විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී තිබේ.

ඒ අනුව වසර කිහිපයක සිට එක් ශිෂ්‍යයකු බැගින් අඩුවන ආකාරයට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ.

ඒ අනුව 2020 වසර සඳහා නිකුත් කළ චක්‍ර ලේඛයේ සඳහන් වන්නේ පළමු ශ්‍රේණියේ පංතියක ශිෂ්‍ය සංඛ්‍යාව 36ක් විය යුතු බවය. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව එක් පංතියක ශිෂ්‍ය සංඛ්‍යාව 35 බවට පත්විය යුත්තේ 2021 වසරේ සිටය.



අදහස් (5)

’පළමු ශ්‍රේණියේ සිසුන් ගණන 40 කරන්න උසාවියෙන් අවසර ගන්නවා’

mama Monday, 20 January 2020 12:22 PM

මෝඩ ටිරාන්... එක පන්තියක ළමයි 25ක් වෙන්න ඕනේ. එතකොට හොඳට උගන්නන්න පුළුවන් වෙන්නේ. මේ කරන්නේ මෝඩරැලක්... අායෙත් හදාගෙන දේශපාලනේ පෝස්ටර් අලවන්න කට්ටිය හදන්න.

:       99       512

මෝඩ ටිරාන්Monday, 20 January 2020 03:48 PM

මුලින් ඉස්කෝල හදලා දියුණු කරන්න.

:       0       0

ලුම්බිණි Tuesday, 21 January 2020 12:42 AM

සංවර්ධනය අනික් පැත්තට යන ලකුණු තමයි පෙනෙන්නේ. නැත්නම් ළමයි ගණන අඩු වෙන්න ඕන එක වැඩි කරනවද?

:       0       38

denin Tuesday, 21 January 2020 01:31 AM

අධිකරණයෙන් ඉල්ලීමක් කරන්න මම හිතන්නේ ආණ්ඩු මාරුවෙනකම් බලාසිටින්න උවමනාවක් නැහැ. නීතිය කවදත් සාධාරණයි. මේ වැඩෙන් ගම්බද පාසල් වැසීයනවා. නාගරික තදබදය, වාහන තදබදය ආදී ප්‍රශ්න ගණනාවක් ඇතිවෙනවා. නගරයේ 1 වසර පන්ති 5ක් තිබෙන පාසලකට ළමුන් 25ක් වැඩිවෙනවා. නගරයේ පාසල් 6ක් තිබෙනවානම් එක වර්ෂයකට ළමුන් 150 ගණනේ වැඩිවෙනවා එම නගරය අවට කුඩා පාසල්වල නඩත්තු වියදම් අඩුවෙන්නේ නැහැ සිසුන් අඩුවුනාට. ගම්බද පාසල්වල ඉතුරුවන්නේ අඩුම අදායම් ලබන අයගේ දරුවන් පමණයි.

:       0       102

දිමුත්Tuesday, 21 January 2020 03:44 AM

ඔබ හරි!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site