IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පළමු ගුවන් හමුදාපති දිවි සැරිය නිමාකරයි

(ඉන්දිකා රාමනායක)

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පළමු     ගුවන් හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ   එයාර් චීෆ් මාෂල්     පත්මන්   හරිප්‍රසාද්   මෙන්ඩිස්  (පැඩී මෙන්ඩිස්)  (89) මහතා අද  (18)  අභාවප්‍රාප්ත විය.

1951   වසරේ       අගෝස්තු මස   08 වැනි දින   රාජකීය ලංකා   ගුවන්  හමුදාවේ    පස්වන   ආධුනික නිලධාරියා වශයෙන් ඒ මහතා රාජකීය ගුවන් හමුදාවට එක්ව ඇත.

මුලික පුහුණුව  හා   ගුවන් නියමු උපදේශන පුහුණුව  බ්‍රිතාන්‍යයේ දී  හදාරා ඇති ඒ මහතා එවකට  බලපන්ති ලුතිනන් නිළයේ සිට සුදුසුකම්    ලත්   පියාසර   උපදේශකයකු වශයෙන්  පුහුණුව ලැබු ප්‍රථම    ශ්‍රි ලංකාකික යාද විය.

ගුවන් හමුදාව්   දක්ෂ නිලධාරියෙක් වශයෙන් විවිධ නිළ තල හොබවමින්   1971. ජනවාරි මස 01 වැනි දින    රාජකීය    ලංකා ගුවන් හමුදාවේ    සිව්වන ගුවන් හමුදාපතිවරයා වශයෙන් පත්ව ඇති අතර,     ඒ මහතා   රාජකීය    ලංකා ගුවන් හමුදාවෙන් වෘත්තිය ජීවිතය ආරම්භ කළ  එම ගුවන් හමුදාවේම     ගුවන් හමුදාපතිවරයා   වශයෙන්   පත් වු   පළමු ශ්‍රි ලංකිකයාද වන  වේ.

වර්ෂ 1972  දී    ශ්‍රි ලංකා    ජනරජයක් වීමත්  සමග ම  රාජකීය  ගුවන් හමුදා ශ්‍රි ලංකා ගුවන් හමුදාව බවට පත් වීමත් සමගම   ඒ මහතා   ගුවන්  හමුදාවේ   පළමු    ගුවන් හමුදාපතිවරයා වශයෙන් ඉතිහාස ගත විය.

(පැඩී මෙන්ඩිස්) මහතාගේ දේහය  මහජන ගෞරවය සදහා ගල්කිස්ස පුද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර  අවසන් කටයුතු  හෙට (19)   පස්වරු 2.00 ට    ගුවන් හමුදා   ගෞරව සහිතව ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේ දී සිදුකෙරේ.



අදහස් (1)

පළමු ගුවන් හමුදාපති දිවි සැරිය නිමාකරයි

SUNIL MILANO Wednesday, 19 January 2022 07:54 PM

ඔබතුමා තම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිසනමා ගෞරව කරන අතර, අජරාමර උතුම් වූ නිවන් සුව ලැබේවා කියා පතමි..!!! 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site