(ඩයනා උදයංගනී)
උතුරු, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට හෙට (3) සවස් කාලයේ සිට ඉතා තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම තද වැසි තත්ත්වය 4 වැනිදා සහ 5 වැනිදා යන දිනවලත් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.මෙම පළාත්වල ඇතැම් ස්ථානයට මිලිමීටර 100, 150 පමණ වන ඉතා තද වැසි ඇතිවිය හැකි බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
විශේෂයෙන්ම මධ්‍යම කඳුකර ප‍්‍රදේශවලද තද වැසි ඇතිවිය හැකි බැවින් නායයෑම් අවදානම් මෙන්ම සෙසු ප‍්‍රදේශවල පහත්බිම් යටවීම් ද සිදුවිය හැකි බව ද හෙතෙම කීවේය.
මීට අමතරව අනෙකුත් පළාත්වල ද පස්වරු 1.00න් පමණ පසු වැසි ඇතිවන බව ඔහු පැවසීය.
නායයෑම් අවදානම් සහිත ප‍්‍රදේශවල ජීවත් වන්නන්, කඳුකර ප‍්‍රදේශවල මාර්ග භාවිතා කරන්නන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවන්මැලිසෑය ඉදිරියේ කිසිම කෙනෙක් "දිව්රුම්" දී නැත. නුසුදුසු කෙනෙක් එතන දිව්රුම් දුන්නොත් මුළු රටම විනාශ වෙනවාලු... මේ ඒ විනාශයද..?
දැන් මාස කීපයක් තිස්සේ වහින්නේ රුවන්වැලි මහාසෑය ළඟ දිවුරුම් දීපු නිසාද..?
අනේ ඉතිං ලංකාවට වැස්සේ අදමද? ඒකටත් දේශපාලනය ගාවනවා. එතකොට 88-89 රටේ මිනීකඳු ගොඩ ගැහුනේ දළඳා මාලිගාවේ, පත්තිරිප්පුවේ දිවුරුම් දීපු එකද?
හැම දේටම දේශපාලනය කුලියට ලියන එකෙත් සීමාවක් තියෙන්න ඕනෙ. ලැජ්ජයි