IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


පළාත් සභා පනත මළ පනතක්

(නිමල කොඩිතුවක්කු)

ජනාධිපතිවරණය  ව්‍යාකූල කිරීම සඳහා පළාත් සභා මැතිවරණය ඉදිරියට ගෙනයාමේ උත්සාහය  කණගාටුවෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

පළාත් සභා   පනත මළ පනතක් බවත් පැවසූ මන්ත්‍රීවරයා  එය නැවැරදි කිරීමේ වගකීම  පාර්ලිමේන්තුවට භාරදිය යුතු බවත් සඳහන් කළේය.

විපක්ෂනායක කාර්යාලයේ අද (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා :
    “පළාත් සභා  මැතිවරණය  පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විසින් අධිකරණයෙන් කරුණු විමසීමක් කළා. පළාත් සභා මැතිවරණය  නොපැවැත්වීම  සම්බන්දයෙන් අර්බුදය තියෙන්නේ ව්‍යවස්තාදායකයේ මිසක් විධායකයේ හෝ අධිකරනයේ නොවෙයි.  එක්සත් ජාතික පක්ෂ රජය පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය  මුවාවෙන් මේ මැතිවරණය නොපැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු  සම්පාදනය කළා.
පළාත් සභා   පනත මළ පනතක්. එය නැවැරදි කිරීමේ වගකීම  පාර්ලිමේන්තුවට භාරදිය යුතුයි. විධායකයටවත්  අධිකරණයටවත් කිසිසේත්ම මෙතනින් එහාට මේ ගැන කටයුතු කිරීමේ  අයිතියක් නැහැ. 
අපි මේ පළාත් සභා මැතිවරණය දිගටම ඉල්ලුවා. නමුත් මේ කාරණය මතුවෙන්නේ ජනාධිපතිවරණයට මාස තුනක් තිබියදීයි. එසේ තිබියදී තව දින දෙකකින් ජනාධිපතිතුමා  විමසපු මතය පිලිබඳ අධිකරණ කටයුත්ත ආරම්භ වෙනවා.  ඒ නිසා මේක ඉතාම නිරාර්ථක උත්සාහයක් විදියට අපි දකිනවා.
ජනාධිපතිවරණය ව්‍යාකූල කිරීම සඳහා මේ ආකාරයෙන්  වෙනත් මැතිවරණයක් ඉදිරියට ගෙනයාමට කවුරුන් හෝ  කටයුතු කරනවනම් අපි  ඉතාම කනගාටුවෙන් එය ප්‍රතික්ෂේප කරනවා.
මහ බැංකු මංකොල්ලයට  පමනක්  දෙවැනි වෙන මහා පරිමානයේ මංකොල්ලයක්  මේ මොහොතේ මධ්‍යම සංකෘතික අරමුදල තුළ සිදුවෙමින් තිබෙනවා. 
සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර අළවි කර   ලබා ගන්නා මුදලින් තමයි මධ්‍යම සංකෘතික අරමුදල පෝෂණය වෙන්නේ.  අග්‍රාමාත්‍යතුමන් විසින් එහි සභාපතිත්වය දරනවා.
අපිට දැනට තියෙන තොරතුරු අනුව  සජිත් ප්‍රේමදාස මහතා  ඇමතිවරයා වුනාට පස්සේ බිලියන එකහමාරකට වඩා වැඩි මුදලක්  විධිමත් නෛතික ක්‍රියාපටිපාටියෙන් බැහැරවෙලා දේශපාලන කටයුතු වෙනුවෙන් මධ්‍යම සංකෘතික අරමුදලින් ඉවත්කරමින් තිබෙනවා.  ඊයේ දවසෙත් මිලියන 350ක මුදලක්  ඒ අරමුදලින් ඉවත්කරගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා. අපි මේ ගැන සම්පූර්ණ විස්තරයක් ඉදිරි සතියේදී මාධ්‍යයට අනාවරණය කරනවා. අපි මේ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කිරිමටත් බලාපොරොත්තු වෙනවා.

දැන් එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ජනාදිපතිවරණ අපේක්ෂකයා නම් කිරිම සම්බන්ධයෙන් විශාල අර්බුදයක් හටගෙන තියෙනවා. සිරිකොතේ මේ වෙලාවේ ඇතිවන රන්ඩු සරුවල් ඒ අසලින් බස් එකෙන් ගියත් ඇහෙනවා.
දැන් මාතර තවත්  රැළියක් මංගල සමරවීර මහතාගේ නායකත්වයෙන් සංවිධානය කර තිබෙනවා.  ජනාධිපතිවරණයට දින 90ක්  තිබියදී අපේ  ප්‍රතිවාදී පක්ෂය තුළ මේ ආකාරයේ කැරැල්ලක් නිර්මාණය කිරීම ගැන අපි එතුමන්ට ස්තූතිවන්ත විය යුතුයි” යැයිද ඔහු එහිදී පැවැසීය.



අදහස් (0)

පළාත් සභා පනත මළ පනතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 306 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 418 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site