(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා පාලනය සඳහා පනවා තිබූ පළාත් අතර සංචරණ සීමා තවත් සති දෙකකට දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .
මේ අතර කොවිඩ් පාලනය සඳහා පනවනු ලැබ තිබූ තවත් සීමා කීපයක් රජයේ විසින් ලිහිල් කරනු ලැබ ඇත.
මේ අනුව පූජනීය ස්ථාන විවෘත කිරීමට අවසර ලැබෙන අතර මංගල උත්සව පැවැත්වීමටද අවසර හිමිවේ .එහෙත් මංගල උත්සව පැවැත්විය හැක්කේ උපරිම සංඛ්‍යාව ලෙස එකසිය පනස් දෙනෙකු සම්බන්ධ කරගෙන පමණි. මංගල උත්සව සභාවල තිබිය හැකි උපරිම ආසන සංඛ්‍යාව වන්නේ මුළු ආසන සංඛ්‍යාවෙන් සියයට 25 කි.
එසේම ඇවිදීමේ මංතීරු ,ආහාර පිටතට ගෙන යන අවන්හල් හා පිහිනුම් තටාක යනාදී ස්ථාන විවෘත කිරීමටද අවසර හිමි වී ඇත.
කෙසේ වෙතත් කැසිනෝ ,රාත්‍රී සමාජ ශාලා සහ ඔට්ටු මධ්‍යස්ථාන තවදුරටත් වසා තැබිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.




COMMENTS
හැම පළාතකම ලෙඩ්ඩු ඉන්නකොට සහ අලුතින් හමුවෙනකොට පළාත් අතර සංචරණ සීමා දාල වැඩක් නෑ. කලා කරුවන්ට මංගල උත්සවවල සින්දු කියන්න අවස්ථාව දෙන්න ගිහින් ආයෙත් 4 වන රැල්ල පටන්ගන්නයි යන්නේ. රටේ සමස්ත අවශ්‍යතාවය ඉක්මනින් කොවිඩ් තුරන් කිරීම. මේ තීරණ නිසා කොරෝනා මර්දනය තවත් කල් යනවා.
පොදු ප්‍රවාහන සේවාවන්ගෙන් එක් පළාත් සීමාවකට පැමිණ අනෙක් පළාත් සීමාවට පා ගමනින් ගොස් එතැන් සිට යළිත් පොදු ප්‍රවාහන සේවාවන්ගෙන් ගමන් ගැනීමට හැකි නම් මේ පළාත් සංචරණ සීමාවෙන් ඵලක් වේද? මන්ද කොරෝනා ව්‍යාප්තිය ප්‍රවාහන සේවාවන්ගෙන් නොව මිනිසුන්ගෙන් සිදුවන බැවිනි.
අපට අපේ ගම්වලට ගිහිං එන්න බැරිදෝ?
එතකොට සර්ලා ස්පා අරිනවා නේද? එහෙම නං තැන්ක්යූ සර්ලා.
ළමුන් 25කට අඩු ටියුෂන් පන්ති කරන්න දෙන්න... අද ටියුෂන් ගුරුවරු (කුඩා පරිමාණ) අන්ත අසරණ තත්වයකට පත්ව ඇත. මේ ගැන වහාම අවධානය යොමු කරන්න. රටට බරක් නොවූ උගතුන් විශාල පිරිසක් මෙහි සිටී...
ඒක හොඳයි... පළාත් අතර සීමා ඉවත් කළොත් උදලු උස්සගෙන කට්ටිය ලබන සතියේ කොලඹ එනවනේ...
සර්ල කොහොමත් වහලා අරින්න දක්ෂයි..
පළාත් අතර සංචරණ සීමාකෙතරම් දුරකට සාර්ථක ද යන්න දන්නෝ දනිති. රටම විවෘත කරන්න. දැන් කොහොමත් එකයි. බොරුවෙන්ම ජීවත් වෙලා බොරුවෙන් ම මැරිලා යන ජාතියක් අපි...!!!
ජනතා උද්ඝෝෂණ මැඩලිය හැකි එකම යාන්ත්‍රණය සංචරණ සීමා පැනවීම බව හොඳට පැහැදිලියි.
කරුණාකර ඔය මංගල උත්සව සහ ඇඟලුම් කම්හල් වැනි කොරෝනා තවාන් වසාදමන්න.