(ඩයනා උදයංගනී)
දිවයිනේ පළාත් කිහිපයක අද (23) රාත්‍රියේදී තද වැසි සහ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගහන්න තිබුණු අකුණු ටික දියවන්නාව පැත්තට හරවන්න බැරිද?
එක පාරක් සුළි සුළඟක් එනවා කියලා ආව හැටි අපි දැක්කා. දැන් හැම දුරකථනයක්ම කාලගුණය ගැන ඔහේලට වඩා හොඳට දන්වනවා. ඔයාලට වියදම් යන මුදලට සාපේක්ෂව පාඩුයි.