( තිළිණි ද සිල්වා )
කාලසීමාව අවසන් වීමෙන් පසුව විසුරුවා හැර ඇති සියලූම පළාත් සභාවල මැතිවරණ වහාම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා සබරගමුව සහ උතුරුමැද පළාත් සභා වල හිටපු මහ ඇමතිවරුන් ගොනු කළ රිට් පෙත්සම් ලබන 11 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද (05) නියම කළේය.
හිටපු මහ ඇමතිවරුන් වන මහීපාල හේරත් සහ එස්.එම්.චන්ද්‍රසේන මහත්වරුන් ගොනු කළ මෙම රිට් පෙත්සම් දෙක අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා හමුවේ අද කැඳවූ අතර එහිදී පෙත්සම් සම්බන්ධයෙන් සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
මෙම පෙත්සම් හි වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසමේ සභාපති සහ එහි සාමාජිකයින් , අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධානත්වයෙන් පළාත් සභා සීමා නිර්ණය කිරීම සඳහා පත් කළ කමිටුවේ සාමාජිකයින් , පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ගොනු කර ඇති පෙත්සම් හි මෙසේද සඳහන් වේ.
පළාත් සභා පනතේ 10.4 වැනි වගන්තියට අනුව දැනට විසුරුවා හැර ඇති පළාත් සභාවල මැතිවරණ පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට නීතියෙන් කිසිදු බාධාවක් නොමැති බවය.
එසේම පළාත් සභාවක් විසුරුවා හරිනු ලැබුවාට පසුව සති 04 ක් ඇතුළත මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බවට දැනුම් දීමේ නොතීසියක් නිකුත් කළ යුතු බවත් , එම නොතීසිය නිකුත් කළ දින සිට දින 14ක් ඇතුළත මැතිවරණයක් පැවැත්වීම සඳහා නාම යෝජනා බාර ගැනීමට පියවර ගත යුතු යැයිද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
නීතිමය තත්ත්ව එසේ වුවද බොහෝ පළාත් සභා විසුරුවා හැර මාස ගණනාවක් ගත වී ඇතත් මැතිවරණය පැවැත්වීමට වගඋත්තරකරුවන් කිසිදු පියවර ගෙන නැති බවද පෙන්වා දේ.පළාත් සභා සීමා නිර්ණය කිරීමේ ක‍්‍රියාවලිය අවසන් වන තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බවට මැතිවරණ කොමිසම දරණ මතය වැරදි බවත් , ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයිද කියා සිටිති.
එබැවින් පළාත් සභා සීමා නිර්ණ කමිටුවේ වාර්තාව වහාම ජනාධිපතිවරයාට බාර දෙන ලෙෂ එම කොමිසමට නියෝග කරන ලෙසත් , කාලසීමාව අවසන් වීමෙන් පසුව විසුරුවා හැර ඇති සියලූම පළාත් සභාවල මැතිවරණ වහාම පැවැත්වීමට පියවර ගන්නා ලෙසට මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයිද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පළාත් මැතිවරණ පවත්වන්නැයි බලධාරීන්ට එරෙහි පෙත්සම් විභාගය කල් යයි
de silva Wednesday, 06 March 2019 06:40 AM
ඉස්සෙල්ල ජනමත විචාරණයක් පවත්වන්න , ඔය පළාත්සභා අවශ්‍යද නැද්ද කියලා
සිරිබිරිස් Wednesday, 06 March 2019 07:51 AM
සිල්වා මහාගේ කථාව හරි. පසුගිය කාලයේ පුද්ගලික වාසිතකා කඩින්කඩ පලාත්සභා මැතිවරණ පැවැත්වූ නිසානේද මැතිවරණය පැවැත්වීම ප්‍රමාදවෙලා තියෙන්නේ. පසුගිය කාලයේ පලාත් සභාවක් හෝ දෙකක් විසුරුවා මධ්‍යම රජයේත් අනෙක් පලාත්සභා සියල්ලේත් බලය යොදා හිතවත් නිළධාරීන් රාජකාරිවලට යොදවා මැතිවරණ ජයගත්තා. වර්තමාන රජය කරන්න හදන්නේ පරාජයක් ලැබුනත් සාධාරණයක් කිරීමට කියලා හිතෙනවා.