
(ඩයනා උදයංගනී)
පළාත් පාලන ආයතනවල ඉදිරි අය-වැයවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට පක්ෂයෙන් කිසිදු බලපෑමක් සිදු කරන්නේ නැතැයි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (19) පැවසීය.
කිසියම් ප්‍රාදේශීය සභාවකින් ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරුන්ට යම් ආකාරයකින් හෝ සහයක් නොලැබෙන්නේ නම් ස්වාධීනව තීන්දුව ගන්නා ලෙසත්, ඒ සම්බන්ධයෙන් පක්ෂය විනය ක්‍රියාමාර්ග නොගන්නා බවත් අමාත්‍යවරයා දැනුම් දුන්නේය.
“අපේ කරමතින් ගිහින් ඒ අයට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ. ඒ අයිතිය ඔබට තියෙනවා. ඒකට පක්ෂයෙන් කිසිම බාධාවක් නෑ” යැයි ද අමරවීර මහතා කීවේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා මේ බව පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රී සංසදය සමඟ පැවති සාකච්ජාවකදී, එම මන්ත්‍රීවරුන් ඉදිරි අයවැයවලදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
ප්‍රාදේශීය සභාවල අයවැය ලේඛනවලට මෙන්ම ප්‍රාදේශීය සභාවේ බලය පවත්වාගෙනයාමට ආණ්ඩුවෙන් සිදුවන වැරදි හමුවේ නිහඬ විය යුතු නැතැයි කී ඇමතිවරයා අවශ්‍ය වුවහොත් තනතුරු අත්හැර එළියට බසින්නට වුවත් දෙවරක් සිතන්නේ නැතැයි ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙහිදී පැවසුවේ ශ්‍රී.ල.නි.පය ආණ්ඩුවේ සිටින්නේ ඇමතිකම් හෝ වරප්‍රසාද බලාගෙන නොවන බවත්, නිසි වෙලාවේදී නිසි තීන්දුව ගත යුතු බවත්ය.
2025 නොවැම්බර් මස 21
318
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
347
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1280
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පළාත් පාලන අයවැය: නිදහසේ තීරණ ගන්න ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන්ට ඉඩ