(සුජිත් හේවාජුලිගේ)
පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
එම සීමා ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි පැවසූ යුද හමුදාපතිවරයා ඒ සම්බන්ධයෙන් පැතිරෙන කට කතාවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.
කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හමුවන ප්‍රදේශ හඳුනාගෙන ඒවා හුදෙකලා කිරීමට පියවර ගන්නා බවත් දැනටමත් රට පුරා එවැනි ප්‍රදේශ රැසක් හුදෙකලා කර ඇති බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .
ජනතාව මේ මොහොතේ දී කල්පනාකාරීව සෞඛ්‍ය නීති වලට අනුගතව කටයුතු නොකළහොත් සංචරණ සීමා තවත් වැඩි කිරීමට සිදුවනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය .
සමහරුන්ගේ හැසිරීම සතුටුදායක නැතැයිද යුද හමුදාපතිවරයා පැවසුවේය

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.