IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


‘‘පොහොර නැත්නම් වතුරත් එපා‘‘ ගොවීහු පවසති

(ක.ග.කරුණාරත්න)

‘‘පොහොර නැත්නම් අපිට වතුරත් එපා’’යැයි  හිඟුරක්ගොඩ පැවැති මින්නේරියේ කන්න රැස්වීමේදී ගොවි නියෝජිතයෝ එක හඬින් කියා සිටියහ.

පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් හිඟුරක්ගොඩ පිහිටි මින්නේරිය ව්‍යාපාර අධිකාරී කාර්යාලයේදී මේ රැස්වීම පැවැත්විණි.

වී වගාවට අවශ්‍ය රජයෙන් ලබාදෙන පොහොර මේ මස 20 වෙනිදාට පෙර අදාල ගොවිජනසේවා මධ්‍යස්ථාන වෙත නිකුත් නොකරන්නේ නම් පෙර කන්න රැස්වීමේදී ගෙන ඇති තීරණයට අනුව ඉදිරි මාස් කන්නයේ වී වගාව සඳහා නොවැම්බර් මස පළමු වෙනිදාට මින්නේරිය වැවෙන් ජලය නිකුත් කිරීම සිදු නොකරන්නැයි ගොවි නියෝජිතයෝ දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියහ.

එසේ එදිනට පෙර පොහොර ලබාදුනහොත් ඊට පසුව ගොවි සංවිධානය මගින් රැස්වීමක් කැඳවා වැවෙන් වතුර නිකුත් කළ යුතු දිනය කවදාද යන්න තීන්දුවක් ගෙන ඒ බව දැනුම් දෙන බවද කියා සිටියහ.

තේ වගාව සඳහා රසායනික පොහොර භාවිතයට රජය අවසර දීමට තීරණයකර ඇති හෙයින් වී වගාව සඳහාද සියයට පණහක් රසායනික පොහොර යෙදීම සඳහා අවසර දෙන්නැයි රජයෙන් ඉල්ලීම් කරන බව ගොවි නියෝජිතයින් එහිදී ප‍්‍රකාශ කළ අතර එසේ ලබාදෙන පොහොර නොමිළයේ නොව මුදල් ගෙවා මිලදී ගන්නට සූදානම් බවද කීහ.

 



අදහස් (4)

‘‘පොහොර නැත්නම් වතුරත් එපා‘‘ ගොවීහු පවසති

Sunil Friday, 08 October 2021 04:44 PM

දිසාපතිතුමා උත්සාහ කළේ ගොවීන්ව කටින් බය කරන්න. මෙම තර්ජනවලට යටත් නොවූ ගොවීන්ට මගේ උපහාරය. ඇවිදින මංතීරු අකුලාගෙන ගොවීන්ගේ දැවෙන ප්‍රශ්න විසඳා දෙන්න.

:       0       2

Bamunuarachchi Friday, 08 October 2021 04:52 PM

වතුරයි, පොහොරයි ආණ්ඩුවෙන් අරගෙන වී ටික මෝල්කාරයට දෙනවා. එ්ක හොඳයිද?

:       5       2

ගජමෑන් Friday, 08 October 2021 07:09 PM

ගොවීන්ගේ කතාව ඉතා නිවැරදියි. බඩගිනි කෙනෙකුට බඩගින්නට ආහාරයක් නොදී වතුර කෝප්පයක් දුන්නාට වැඩක් නැහැ.. ආණ්ඩුව කරන්නේ ඒ වගේ වැඩක්... (වගාවකට කාබනික පොහොර පෝෂ්‍යදායක ආහාරයක් නොවෙයි, බත් මාලු ඕනෑ කෙනෙකුට හබරල දුන්නා වගේ වැඩක්..)

:       0       2

චන්දන Saturday, 09 October 2021 08:01 AM

අපිටත් පේන විදියට රටින් හාල් ගෙන්වන එක පාරිභෝගිකයින්ට හොඳයි වගේ... 75ට අඩුවෙන් දෙන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 179 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site