(විනීතා එම්. ගමගේ)
යූරියා ඇතුළු රසායනික පොහොර වර්ග කීපයක් එළඹෙන මහා කන්නයේ වගා කටයුතු සඳහා ආනයනයට යළි අවසර දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් අද නිකුත් කරනු ලැබීය.
යූරිය ඇතුළු නයිට්‍රේට මිශ්‍රණ, කැල්සියම් කාබනේට් හෝ වෙනත් අකාබනික නොවන පොහොර, සුපර් පොස්පේට් සහ නයිට්‍රජන්, පොටෑසියම්, පෝස්පේට් යන මූලද්‍රව්‍ය දෙකක් හෝ තුනම අඩංගු පොහොර වර්ග ගෙන්වීම සඳහා බලපත්‍රලාභීන්ට මේ අනුව අවසර හිමිවනු ඇත.
මීට ඉහත රසායනික පොහොර ආනයනය තහනම් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් මුදල් අමාත්‍යවරයා නව ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සපයන ලද නිර්දේශ අනුව මෙම පියවර ගත් බව ද ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව කියයි.
ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක යොදා ගනිමින් සකසන ලද ශාක පෝෂක ආනයනය කර ගොවීන්ට ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා කළ යෝජනාවට අනුව මෙම තීරණය ගත් බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
ස්වභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක ආනයනය අංක 2226/48 දරන ගැසට් පත්‍රය මගින් තහනම් කර ඇතත් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක යටතේ ආනයනය කරන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ආනයනය ජනාධිපතිවරයා විසින් 2021 අප්‍රේල් මස 27 වැනිදා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව තහනම් කර තිබිණි.
ඒ අනුව හඳුනාගත් රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක ගණයට ගැනෙන භාණ්ඩ ආනයනය තවදුරටත් නියාමනය කරන බව ද ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
අන්තිමේදී නටපු නැටුමකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ. අස්වැන්න බෙහෙවින් අඩුවී ඇත. රටම කපෝති... සර් ෆේල්...
හොඳ තීරණයක්. නමුත්, ගොවිතැන් කරන්නන්ගේ වකුගඩු රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා කාබනික පොහොර යෙදවීමට උනන්දු විය යුතුයි.
අයියා, මලෝ ගෙදර හැංගි මුත්තම් සෙල්ලම් කරනවා වගේ.. එක වෙලාවක අයියා හොරාවෙනවා... මල්ලි පොලිස් වෙනවා. අයියා එපා කියනවා.. මල්ලි ඕනෑ කියනවා.
බුදුවෙන්නත් පෙරුම් පුරන්නට අවශ්‍යයි. එකවර බුදුවෙන්න බැහැ. රෝමය නැමැති නගරය එක දවසකින් හදන්නට බැරි වුණා." Rome was not built in a one day " යනුවෙන් ඒ කියමන මිනිස් සමාජයේ පවතිනවා. මේ කොම්පෝස්ට් පොහොර ගැටලුවත් එහෙමයි. කළයුතු ඉතා හොඳ දෙයක්. ඒත්, එකවර කරන්නට යාමෙන් මහා පරිමාණ ගැටළු රැසක් ඇතිවුණා. කොම්පෝස්ට් පොහොර වැඩේ ඉතා හොඳ දෙයක්. ගැටලුව තියෙන්නේ කරපු ක්‍රමයේ වැරැද්ද. කව්ද දන්නේ නැහැ මේ වගේ නුසුදුසු උපදෙස් දෙන උපදේශකවරුන්... පරිස්සමින් .. අනුන්ගේ කොන්ත්‍රාත් ඉෂ්ඨ කරනවද දන්නේ නැහැ...
ක්‍රමවත් දැනුම් දීමකින් තොරව රසායනික ද්‍රව්‍ය තහනමින් ගොවීන්ට වූ පාඩුව පියවන්නේ කවුද? ශ්‍රී ලංකාවේ ඉහළ තන්ත්‍රයේ සැලසුම් නොමැති නිදි පැදුරෙන් නැගිට ගන්නා තීරණ ශ්‍රී ලංකා රාජ්‍ය කලමණාකරණය තවමත් ප්‍රාථමික තත්වයක ඇති බව පෙන්නුම් කරයි.
මොනවා නැතත් ගහපු ගැසට් රිවස් කරන එක නම් කරනවා. අයියා කාබනික පොහොරමයි කියලා කියනවා. මල්ලි ගෙන්වන්න දෙනවා. කටින් බතල... ගෙයි තණකොළ...
කෝ දැන් සෞභාග්‍යයේ දැක්ම. කෝ දැන් 100%ක් කාබනික රට. ජනාධිපතිතුමාගේ ස්ථාවරයට මොකද වුනේ? අලුත් පොහොර ආනයනයෙන් බැසිල්ට වාසියක් ඇති... අලුතෙන් එන පොහොර වකුගඩු සහ පිළිකාවලට හොඳයිද?
කාබනික රචනා ලියපු වියත් බයියන්ට හීනියට හූවක් කියමු !
රට රාජ්‍යවල නායකයින් එක්ක කතා කරද්දී දුන්නු "ලොකු ටෝක්" වලට දැන් මොකද කරන්නේ? මම කිව්වේ නෑ කියනවද?
දැන් මොකද මැදමුලනෙ දංකුඩ බංඩලා ටික කියන්නේ?
මොල 7 ක් කෙසේවෙතත් ස‘ ට වඩා මොළේ තියනවා කියලා පෙන්නුවා. නැත්නම් 69 කෙරුවාව හින්දා කන්න නැතිව මැරෙන්න වෙන්නේ...
ලෝකෙම හිනස්සන ජෝකර්ස්ලා රට පාලනය කරන්නේ...!
මේවා දකින හැමෝම හොඳින් මතක තියාගන්න. අපි මේවා කියන්නේ විරුද්ධ නිසා නෙමේ. එ්ත් මේ පවුලට බලය පිළිබඳව තිබුණු නඩුවලින් බේරෙන ප්‍රශ්නයක්... හිරේ විලංගුවේ වැටිලා, අනාගතේ නැතිවෙන ප්‍රශ්නයක්. ඒ සියල්ල නිසා බොරු කරලා, වැරදි වැඩ කරලා, මිනිස්සු රවට්ටලා, ජාතිවාදේ අවුස්සලා ආණ්ඩු බලය ගත්තාට රටේ ප්‍රශ්න ගැනවත්, විසඳුම් ගැනවත් මෙලෝ අදහසක් වත්, දැක්මක්වත් තිබුනේ නෑ. වියත් මග ජෝනීට ගිහින්, කාලකන්නි කම කෙහෙළියට ගිහින්. මිනිස්සු අතර ජනප්‍රිය රස්තියාදු කාරයින්, මැරයින් දාගෙන ආණ්ඩු ගත්තට පැහැදිලි දැක්මක් තිබුනෙත් නෑ... ඒ නිසා අද වෙනකොට රටම බංකොලොත් වෙලා.. අපි ණය ගෙවාගන්න බැරුව අනාථ වෙලා. රටේ ඩොලර් නෑ. තෙල් ගේන්න.. කන්න ගේන්න සල්ලි නෑ. තීන්දු, තීරණ ගන්නවා. ආයේ රිවර්ස් කරනවා. මේක අමුතු විහිලු රටක් වෙලා. අපිට අහන්න තියෙන්නේ දැන් සැපද කියලා විතරයි. ඔහොම යං...
කල යුතුව තිබුනේ වගාවට පොහොර යෙදීම නියාමනය කිරීමයි .එනම් වගාවට අවශ්‍ය පමණට පමණක් රසායනික පොහොර යොදා හොඳ අස්වැන්නක් ලබා ගන්නා අතරම අනවශ්‍ය ලෙස පොහොර යොදා තම මුදල් නාස්ති කර ගැනීමත් සෞඛ්‍යයමය ප්‍රශ්ණ ඇතිවීමටත් ඇති අවස්ථා අවම කර ගැනීමයි. මේ සඳහා කෘෂිකර්ම ක්ශේත්‍ර නිලධාරින් හරහා වගාවට යෙදිය යුතු පොහොර ප්‍රමාණය ගැන දැනුවත් කිරීමත් ඔවුන් වගාවට යෙදීමට නිර්දේශ කරන පොහොර ප්‍රමාණ සඳහන් කාඩ්පත් වල මට්ටමට වඩා වැඩියෙන් පොහොර යෙදීමට යම් නීතිමය බාදාවක් ඇති කිරීමත් (දඩයක් හෝ සහනාධාරය ඊලග කන්නයේ අඩු කිරීමක් වැනි ) කාඩ්පත් වල සඳහන් ප්‍රමාණයට වඩා පොහොර විකුණන වෙලෙන්දන් නියාමනය කිරීමට ක්‍රියා කිරීමත් කල හැකිය. කාබනික පොහොර හා රසායනික පොහොර යම් කොටස් ලෙස මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් දේශිය හා විදේශිය ප්‍රාමාණික විද්වතුන්ගේ උපදෙස් ලබා ගෙන ඉදිරි වසර 2ක 3ක කාලයේ ගොවියාගේ අස්වැන්න අඩු නොකරගෙන වැය වෙන මුදලද අඩු කර ගත හැකි උපදෙසක් නිසි පරිදි ගොවියාට ලබා දුනහොත් ජනාධිපති තුමාගේ අරමුණ ඉෂ්ට කර ගත හැකි වේ යැයි මම සිතමි.
රටකට තියෙන්න ඕනේ ජාතික ප්‍රතිපත්ති මිස පුද්ගලික ප්‍රතිපත්ති නොවේ...
බැසිල් ට එදිරිව ගෝඨා!
අයියෝ සර්..
දැන් ගොවියන්ගේ වකුගඩුවලට තිබුණු ආදරේ නැති වුණාද? කිසි පලපුරුද්දක් නැති ජනාධිපති කෙනෙක් පත් වුණාම මේ වගේ විකාර දේවල් වෙනහැටි බලන් ඉන්න වෙනවා. ගොවියන් කොච්චර දුක් වින්දාද..? පාඩු වින්දාද? මාස ගාණක් උපවාස කළා... ඒත් ඒවාට ඇහුම්කන් නොදුන්නු ජනාධිපති තමුන්ගේ මල්ලි කිව්ව ගමන් වචනේ වෙනස් කළා. පාලකයින් ඉස්සෙල්ලා තමුන්ගේ රටේ ජනතාවට ආදරය කරන්න ඉගෙන ගන්න ඕනෑ.
කලකිරෙනවා මේ අය තීරණ ගන්න විදිහ දැක්කාම... හිතුවේ මේක හරියට කරයි කියලා...
ආඩම්බරකාර අහංකාර කමින් ඉදිමිච්ච පාලකයින්ට ගිය රටක් මේක. මම ඔක්කොම දන්නවා කියලා සිතන මිනිසෙකුගෙන් මෙවැනි දේ බලාපොරොත්තු වෙන්න ඕනේ..
අනේ මෙහෙමත් විහිළු...
කොහෙන් හිනා වෙන්නද?
ඔය සෞභාග්‍ය හැමදාම තිබුණේ කොළවල, පොත්වල මිසක් ප්‍රායෝගිකව නෙවෙයි. ලංකාවට කවදාවත් මාස්ටර් ප්ලෑන් එකක් තිබුනේ නෑ. හදන්නත් බෑ. ඔක්කොම බලා ඉන්නේ තම මඩිය ගැන පමණයි.
අර එක්කෙනෙක් පොළවේ පස් කකා කිව්ව නේද, කවුරු කිව්වත් සියලුම රසායනික පොහොර තහනම ඉවත් කරන්නේ නැහැයි කියල . මොකද දන්නේ නැහැ වෙනස් කරේ . නින්දෙන් නැගිට්ට වත්ද ?
අනේ මෙහෙමත් නාඩගම්, ආපු ගමන් කටු පොල් වගාව නවත්තනවා කිව්වා.. එ්කට මොනවා වුණාද දන්නේ නැහැ. ඊට පස්සේ දැම්ම රසායනික පොහොර තහනම් නාඩගම... දැන් එ්කත් ඉවරයි. එන්න ඉස්සෙල්ලා කිව්වේ එක නීතියයි කාටත්.. ඥාති සංග්‍රහවලට ඉඩ නැහැ කියලා. තව කිව්වා නඩු තියෙන අයට ඇමතිකම් නෑ කියලා. මේ හැම පොරොන්දුවක්ම මේ මනුස්සයා කැඩුවා අමු අමුවේ ආපු ගමන්ම... මෙහෙව් මිනිහෙක්ගේ පවුලක් මේ රට දියුණුකරයි කියලා හිතන එකත් පවක්...
මේකේ කමෙන්ට් දමන සමහර උදවිය මෙලෝ දෙයක් නොදැන රජරට වකුගඩු රෝගය සහ පොහොර අතර සම්බන්දයක් මවා පානවා .ඔය මහත්තුරු හොයල බලන්න "රජරට වකුගඩු රෝගය " තවමත් මූලය හදුනා නොගත් එකක්, මොලේ කචල් වෙච්ච මහාචාර්ය වරු , සමහර නන්නත්තාර වුන ගණිත මහාචාර්යවරු ස්වකීය පැවැත්ම උදෙසා සමාජගත කල ශුද්ද බොරුවක් ඕක. ලෝක සව්ක්ය සංවිදානය සහ තවත් පිළිගත් වාර්තා කියවල බලන්න එතකොට දැනගන්න පුළුවන් සත්‍යය
අහෝ අර දුන්න පොර ටෝක් .කව්රු කිව්වත් මොනම හේතුවකටවත් මේ තීරණය ආපහු හරවන්නේ නැහැ කියලයි කිව්වේ. මිනිස්සු පච වෙනවා තමයි .අනේ අපොයි මෙහෙමත් පච වීමක්
ජයත්, සිරිලකේ දැනුමෙන් කතාකරන අයට වඩා නොදැන කෑගසන අය බොහෝය. බූරුවන්ගේ කෑගැසීමේ ශබ්දය මිනිස් ශබ්දයට වඩා වැඩි නේද?
නිසි සැලැස්මක් නොමැතිව රජය ගත් නොදැනුවත්කම සහ අත්තනෝමතික තීරණ වලට ගොදුරු වූයේ අහිංසක ජනතාව පමණි
ඔය පාදෙනියගේ සහ රතන හාමුදුරුවෝ දෙන්න තමයි නොදන්නා දේවල් කරන්න ගිහිල්ලා රජය අමාරුවෙ දැම්මෙ.රතන හාමුදුරුවරුවන්ට එල්ලෙන්න වැල් නතුව හිටියෙ....පාදෙනිය පොලොවෙ පය ගහල ඉන්න කෙනෙක් නෙමෙයි.දැන් ඉතින් අසරණ ගොවියන්ට පොහොර ටිකක් නැතුව වෙච්ච වගා විනාසෙට කවුද වගකියන්නෙ? දැන් මේවට වග කියන්නෙ පාදෙනිය ද ? රතන හාමුදුරුවෝද?
මෙයාලා ඩෙංගු මදුරුවෝ වගේ ජාතියක්.. ලේ ටිකත් බීලා, මාරාන්තික රෝගයකුත් දීලා තමයි යන්නේ...
මෙහෙමත් අපේ රට වනසන ගොන් පවුලක්. දැන් පහුගිය කාලේ අස්වැන්න අහිමි උන ගොවියන්ට මොකද කරන්නේ? සාමාන්‍යපෙළ සමත් නායකයෙක්, මුදල් ඇමති කෙනෙක් ඉන්න රටකින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? අසරණ, පව්කාර රටවැසියන් ගැන දුකයි.
තවත් ගැසට් එකක් .නන්දසේන ගැසට් වලින් නම් රෙකෝඩ් එකක් තියයි වගේ .සිරිසේන දීලා නන්දසේන ගත්තා වගේ
මම හිතුවා අප රට 'ග්‍රීන් ' ( හරිත සහතික ලත් ) රටක් හැටියට ලොකු ඉදිරි ගමනක් යන්නට අඩිතාලමක් දැම්මා නේද කියල. පරිවර්තනය දරා ගන්නට එක පාරටම රසායනික පොහොර නවත්තන්නට බෑ කියා මගේ හැගීම. ක්‍රමක් ක්‍රමයෙන් කල යුතුව තිබුනා. එසේ හරිත සහතික රටක් ලෙස අප ගමන් කලේ නම් විශාල විදේශ ආකර්ෂණයක් සහ විනිමයක් ලබා ගන්නට තිබුනා. එත්, හොඳ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නට ගියහම, මේකේ ඉන්නවුන් වැලලෙන්නට ගිහින් විප්ලව කරනවා. දැන් රසායනික පොහොර එහෙනම් දාගෙන කරපියව් කියල දෙන්න ගියහමත් වැලලෙන්න යනවා. රටේ කරුමේ තමයි.
ලෝකය ඉදිරියේ ගොන් කතා කියල ජනතාවට ලැජ්ජා කරන්න එපා මෙහෙම. .
කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය රසායනික පොහොර…………
මේ සියලු ප්‍රශ්නවලට විසඳුම සජිත් ජනාධිපති කරවීම පමණි.
"පොහොර සමාගම් වලින් සල්ලි හම්බවෙන කට්ටිය තමයි රසායනික පොහොර ගෙන්වන්න දඟලන්නෙ" කියලා අපේ මහින්දානන්ද ඇමතිතුමා කිව්වා වගේ මතකයි. දැන් කවුද එතකොට රසායනික පොහොර ගෙන්වන්න අත්සන් කරලා තියෙන්නේ..?
කාබනික පොහොර හදන්න පටන් ගත්තා විතරයි. බොහොම අමාරුවෙන් ගොවින් කැමති කරගත්තේ. රසායනික පොහොර වල අවාසි පැහැදිලි කරලා දීලා. දැන් ඉතින් අපිටම තමයි මේවා බෙදන්න වෙන්නේ.
දුකයි කියන්න... කෘෂිකර්මය වෙනුවෙන් හරියට වැඩක් කලේ මෛත්‍රිපාල විතරයි. එතුමා කරපු මහ ලොකු දේකුත් නෑ. ඒත් වර්තමාන රජය කරන දේවල් එක්ක බලද්දී එතුමා කරලා තියෙන්නේ ලොකු සේවයක්...
ඒ කියන්නෙ රසායනික පොහොර සම්බන්ධයෙන් මෙතෙක් ගෙන තිබුනේ තනි තීරණයක්ද? හරි අපූරුයි. කියලා වැඩක් නෑ.
ඉතාමත් හොඳ තීරණයක්. මොකද කාබනික වගාව හොඳයි. නමුත් ඒකට යම්කිසි කාලයක් අවශ්‍යයි. ඒ කාලය ගන්නකං රටේ ආර්ථිකමය තත්ත්වය සමතුලිතව පවත්වා ගෙන යාම සඳහා යම් තාක් දුරකට රසායනික පොහොර දැනට අවශ්‍යව ඇත. ඉතාමත් බුද්ධිමත් තීරණයක්. අප සංවිධානයේ සිටින සියළුම ගොවි සංවිධාන වෙනුවෙන් මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙමි.