IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොහොර ගැටළුවට ගොවීහු උපවාසයක

(ක.ග.කරුණාරත්න)

වී වගාවට අවශ්‍ය පොහොර ඉල්ලා මොරගහකන්ද ව්‍යාපාරයේ සහ ඇලහැර මහ ගොවි ජනපදව්‍යාපාරයේ ගොවීහු පිරිසක් අද බකමූණ නගරයේදී උපවාසයක් ආරම්භ කළහ.

ගොවි සංවිධාන 43කට අයත් ගොවි නියොජිතයන් 15 දෙනකු උපවාසයේ මුල් අවස්ථාවට එක්ව සිටිති.

ගොවීන්ගේ පොහොර ප‍්‍රශ්නයට නිසි විසඳුමක් ලබාදීමට කෘෂිකර්ම ඇමතිවරයා ප‍්‍රමුඛ රජය මෙතෙක් අපොහසත්වී ඇති බවත් ඒ සම්බන්‍ධයෙන් ගොවි ජනතාවගේ බලවත් අප‍්‍රසාදය පලකිරීම සඳහා මෙම උපවාසය ආරම්භකල බව ගොවිනායකයින් කියා සිටියහ.

ඉදිරියේදී තවත් ගොවීන් මෙම උපවාසයට එක්වීමට සූදානමින් සිටින බවද ඔවුහු පැවැසූහ. ගොවි උපවාසයට සහය පළකිරීම සඳහා ප‍්‍රදේශයේ ගොවි ජනතාව විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටීම විශේෂත්වයෙකි.

මාස් කන්නයේ වී වගාව කිරීමට නම් රසායනික පොහොර,වල් නාශක,කෘමිනාශක යෙදිය යුතුව ඇතැයිද ඒවා වහාම ලබාදෙන්නයි රජයට බලකර සිටින බව උපවාසයට එක්ව සිටින ගොවීහු කියා සිටිති.

 



අදහස් (3)

පොහොර ගැටළුවට ගොවීහු උපවාසයක

de silva Sunday, 24 October 2021 02:43 PM

ජනාධිපතිතුමා ඊයේ පැවසුවා ‘‘මට අවශ්‍ය ඡන්ද නොව ජනතාවට හරි දේ කරන්න කියලා..‘‘

:       0       3

chandana Sunday, 24 October 2021 05:30 PM

ඔරැකල්, ඩේටා බේස්, චීනයේ නිෂ්පාදිත සුපිරි කාබනික පොහොර, ඉන්දියාවේ නිෂ්පාදිත සුපිරි නැනෝ යූරියා.... මේවා ඔයගොල්ලන්ට එපාද? ඔය ගොල්ලෝ මොඩ් ගොවියෝ නොවේද? ඔය උද්ඝෝෂණ අතහැරලා ඔයගොල්ලොත් පාඩු ලබලා හරි මොඩ් ගොවිපලක් ආරම්භ කරන්න. ජනාධිපතිතුමා අලුත්ම රේන්ජ් රෝවර් ජීප් 2-3 පිරිවරාගෙන ඔබේ ගොවිපලටම ඒවි...

:       0       4

BamunuarachchiTuesday, 26 October 2021 07:52 AM

මේ කොහෙන් පාත් උන හාදයෙක්ද? ඔය ගොන් පාට දමන්නේ නැතුව අහන්න උතුරු නැගෙනහිර ඉන්න ගොවියෝ ඉල්ලනේ නැති රසායනික පොහොර ඔයාලා ඉල්ලන්නේ ඇයි? උතුරු නැගෙනහිර ඉන්නේ ගොවියෝ නොවෙයිද? ඔවුන්ට කාබනික පොහොර වලින් වගාව පුලුවන්නම් ඔයාලට බැරි ඇයි? එක්කෝ උපවාස කාරයින්ගෙන් අහන්න නැතිනම් ඔබ උත්තර දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 406 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1023 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site