
(යොහාන් භාසුර)
දියර පොහොර කෑන් පිපිරිමට හේතුව පොහොරවල ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය බවත් දියර පොහොර වාහනයේදී සහ ගබඩා කිරීමේදී වෙනස්වීම් සිදුවී ඇති බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පැවසීය.
දියවර පොහොර පිපිරීම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කළ බව කී චන්දන ලොකුහේවගේ මහතා පොහොර නිෂ්පාදන දේශීය සමාගම්වලට නිසි ප්‍රමිතියෙන් යුතුව පොහොර නිෂ්පාදනය කරන ලෙස උපදෙස් දුන් බව ද සඳහන් කළේය.
පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ කෘෂිකර්මාන්තය සඳහා කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන තෝරාගත් ආයතන 35 ක් මඟින් කාබනික දියර පොහොර ලබා ගන්නා බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
කාබනික දියර පොහොර නිෂ්පාදන ආයතනවල නිලධාරීන් සහ පොහොර ලේකම් කාර්යාලය ප්‍රධානී අතර ඊයේ (13) පස්වරුවේ පැවැති සාකච්ඡාවකින් පසුව ලොකුහේවගේ මහතා එසේ පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයදේවල් පටන් ගන්නකොට තත්ව සහතිකයක් ගන්නවා නම් නිකන් බොරු මාධ්‍ය සංදර්ශන ඕනවෙන්නේ නැහැනේ මහත්තයෝ...!
හොයා ගත්තලු. කියන්නේ නැහැ. කියාගන්න අමාරු හේතුවක්ද?
කාබනික පොහොර යනු ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරකම් තුලින් දිරාපත් වූ ද්‍රව්‍ය වේ. එන ක්‍රියාකාරිත්ව තුල යම් යම් වායු වර්ග අතුරුපල ලෙස නිපදවේ. ක්ෂුද්‍ර ජිවින්ගේ ක්‍රියාකාරිත්වය අවම කිරීමටනම් නොයෙකුත් කෘතීම හෝ ස්වභාවික කල් තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කල යුතුවේ. මෙම කාරණාව හරිහැටි ගොවිමහතුන්ට පහදා දී දැනුවත්කලොත් ප්‍රශ්නෙට පිළිතුරු හම්බවේ
මෙම පොහොර යෙදීමේ කටයුත්ත ගොවියන් රෝගී කරවන්නෙ එම ක්ෂුද්‍ර ජීවීන් මලකුණුවලට එන ක්ෂුද්‍ර ජීවීන් නිසා විය හැකියි. ශාකවලට එන ගැඩවිලන් එවැනි ගැටළු ඇති කරන්නෙ නෑ. යූරියා යනු මෙයට වඩා ආරක්ෂිත පොහොරක් වන්නේ අප ශරීරයෙන් දියර ලෙස පවා පිට කරන්නේ යූරියා නිසයි. මෙම බෙදා හැරි දියරය කුඹුරට වල් ඌරන් සහ වෙනත් සතුන් ගෙන්නා ප්‍රදේශයටම අතිශය දුර්ගන්ධයක් ඇති කලත් යූරියා මෙන් ප්‍රථිපලයක් නොදෙනවනම් නිෂ්ථල ව්‍යර්ථයක් නේද?
හැම වැඩේම අනාගන්නවා.. එක්තරා මහාචාර්ය වරයෙකු පැවසුවේ,මේ දියර පොහොර නිපදවීම කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව නිපදවා ඇති බවයි.නිසිලෙස සෑදූ දියර පොහොර මෙසේ පුපුරන්නේ නැති බවත්,ඒ මහතා පැවසීය. මේ පොහොර මාළු බඩ හා කොටස් වලින් සාදා ඇති නිසා ඒවා අධික දුර්ගන්ධයකින් යුක්ත වෙන අතර,කුඹුරු වලට යෙදීමෙන් පසු බල්ලන් විසින් පොහොර තැවරුණ ගොයම් කොළ බල්ලන් විසින් කා දැමීම කරනු ලබන බව ගොවි ජනතාව මැසිවිලි කියති.
ශා නියමයි ටක් ගාලා හොයාගත්තා ලෙඩේ .සර් පාස් ද ?