(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොහොර උරයක බහා තිබූ කඩු පහක් මාලිගාවත්තේ මහල් නිවාස සංකීර්ණයක් තුළ තිබී අද (01) හමු වූ බව මාලිගාවත්ත පොලිසිය කියයි.
සැකකටයුතු පාර්සලයක් මහල් නිවාස සංකීර්ණයේ පඩිපෙළ අසල තිබෙන බවට පොලිසියට ලද තොරතුරක් අනුව මෙම කඩු සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
දිගින් අඩි තුනක් පමණ කඩු පොහොර උරයක දමා ගැට ගසා මහල් නිවාසයේ පළමු මහලට පිවිසෙන පඩිපෙළ අසල තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.
COMMENTS
තණකොළ කපන්න ගෙනල්ල තියෙන්නේ.
රට පුරාම මේ තරම් කඩු කිණිසි අහු වෙලත් මේවා රැස් කරන්නේ කුමන කාරණයක් හේතුවෙන්දැයි රජය ප්‍රකාශ කර නැහැ. කරුණාකර මේ සම්බන්ධ නිල ප්‍රකාශයක් රජය සිදු කරන්න. අත් අඩංගුවට ගත් අය නිදහස් කරනවද? සැකයක් තියෙනවා. කරුණු සගවා ප්‍රශ්නය යට ගැහුවොතින් ජනතාව ප්‍රශ්නය විසදීමට පාරට බහිවී!
මාලිගාවත්ත පැත්තෙ ගොඩාක් තණකොළ වැවිලද අප්පා !!