IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


පහරදීමේ සිද්ධියකට වැල්ලවාය ප්‍රා.සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

(ඩී.කේ.රත්න)

පුද්ගලයින් තිදෙනෙකුට පහරදී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වැල්ලවාය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු අද (24) අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලිසිය පවසයි.

තණමල්විල කිතුල්කොටේ පදිංචි වැල්ලවාය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

කිතුල්කොටේ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මුහුණු පොතට ඇතුලු කළ පිංතුරයක් පිළිබඳව විමසීමට මෙම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා ඊයේ (23) රාත‍්‍රීයේදී එම නිවසට ගිය අවස්ථාවේදී එම නිවසේ සිටි මව පියා සහ පුත‍්‍රයාට මෙම මන්ත‍්‍රීවරයා විසින් පහරදුන් බව පවසා එම පුද්ගලයින් තිදෙනා තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා හම්බන්තොට දිසා රෝහලට මාරුකර යවා තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 



අදහස් (4)

පහරදීමේ සිද්ධියකට වැල්ලවාය ප්‍රා.සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mahee Thursday, 24 October 2019 02:23 PM

මහජන නියෝජිතයෙක් කියන්නේ මහජනයාට බෝක්කු හදලා දෙනවා වගේම තලන්න වුණත් අයිතියක් තියෙන කෙනෙක්... තලනවා විතරක් නෙමෙයි, මහජනයාගේ දේපල පවා අත්පත් කරගන්නට අයිතියක් ඇති කෙනෙක්... 225ට අමතරව ඊට පල්ලෙහායින් ඉන්න 4500දෙනා වුණත් මෙහෙම හැසිරෙන්නේ ඒකයි. අපි ඉවසාගෙන ඉම්මු...

:       1       241

Raveendra Thursday, 24 October 2019 08:16 PM

කාරුණිකව අපගේ අදහස් කෙරෙහි කිසිදු පක්ෂයකට ගැතිනොවී තේරුම් ගැනීමට උත්සහ කරන මෙන් ඉල්ලා සිටිනෙමු. හොදින් නිරීක්ෂණය කරන්න මෙම නුගත් තිරිසනුන් පක්ෂ භේදයකින් තොරව හැසිරෙන ආකාරය. පහල මට්ටමේ නියෝජිතයන් වුණත් මහජනතාවට සේවය කිරීමට පැමිණ ඇත්තේ ගමේ කසිප්පුකාරයන් ,ගමේ කුඩුකාරයන්, ගමේ රස්තියාදුකාරයන් නොවේ ? ඉහල මට්ටමේ යයි කියන 225 ත් මෙලෙස හැසිරෙන අවස්ථා ඔබ අප කොතෙකුත් දැක තිබෙනවා නොවේද ?එබැවින් දියවන්නා ඔයට පත්කර ඇති 225 ත් ඒ ඒ ආසනයේ කසිප්පුකාරයන් නොවේද ? ගංජාකාරයන් නොවේද ?කුඩුකාරයන් නොවේද ?ආසනයේ බෝක්කු උඩ කසිප්පි, කුඩු, ගංජා බි බි සිටින මුසලයන් නොවේද ඔබ අප දියවන්න ඔයාට පත්කරගෙන ඇත්තේ ? එබැවින් මෙවන් කාලකන්නින්ටද ඔබ අප "එතුමා,මෙතුමා, ගරු " ලෙස ආමන්ත්‍රණය කරන්නේ ?? එමගින් අප අපගේ මව්බසට නිගා කිරීමට උත්සහ කරනවා නොවේද ? එබැවින් " මෙවන් මුසලයන්ට වැදගත් වචන භාවිතාකිරීමෙන් වැලකි සිටින මෙන් සියලුම පුරවැසියන්ගෙන්" කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

:       0       58

ධම්ම Friday, 25 October 2019 01:17 AM

අපි තවතවත් චන්ඩි බලගන්වමු. ඔවුන් අපේ ප්‍රශ්න විසඳාවි.

:       0       26

Gune Friday, 25 October 2019 08:36 AM

ඉස්සර මන්ත්‍රී කිව්වේ ඉහළම තලේ හිටපු හොර කණ්ඩායමේ සාමාජිකයන්ට විතරයි. ජේ.ආර්. මේ කට්ටියටත් මන්ත්‍රීපට්ටම දුන්න. මේ මිනිස්සුන්ට මේක දරා ගන්න බැරුව ගියා. කරේ බැඳපු රත්තරන් ටික හින්දා ඔලුව ඉදිමුන කටුස්සට වගේ. ඔය තියෙන්නේ ඉතින් ඒවායේ විපාක තමයි. වළන් කඩේට පැන්න ගොනා වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1147 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1154 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site