(ප‍්‍රදීප් කුමාර)
වව්නියාව බෝගස් වැව යුද හමුදා කඳවුරේ සේවයේ නියුතුව සිටි සෙබළකුගේ ගෙල කපා තුවාල කර පැහැර ගත් ගිනි අවිය කැකිරාව ප‍්‍රදේශයෙන් අද(25) සොයාගත් බව පොලිසිය කියයි.
මෙම ගිනි අවිය හමුදාවෙන් පලා ගිය පුද්ගලයෙකු සතුව තිබී හමු වූ බව පොලිසිය සඳහන් කරයි
හමුදා කඳවුරේ සේවයේ යෙදී සිටි සෙබළාට නා ඳුනන පිරිසක් පහර දී, ඔහුගේ ගෙල කපා අද ගිනි අවිය පැහැරගෙන ගොස් තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව හා පොලීසිය කළ පරීක්ෂණවලට අනුව ගිනි අවිය සොයාගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
(ඡායාරූප - කුෂාන් ජයවර්ධන)
ගිනි අවිය සඟවා තිබූ, කැකිරාව හෝරාපොල මංසන්ධිය ආසන්නයේ ඇති ගබඩා සංකීර්ණයක අතහැර දැමූ ගොඩනැගිල්ල




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම දෙනාට රණවිරුවන් කියද්දී සුළු පිරිසකට අගතියක් වෙනවා. සියලුම හමුදා සෙබළුන් සහ නිලධාරින් අතරින් සැබෑ රණවිරුවන්ව අඳුනාගන්න තමයි විටින්විට විශේෂ පදක්කම් පිරිනමන්නේ... එහෙම නැතුව දැන් යන ක්‍රමයට මේ අවුරුද්දේ හමුදාවට බැඳුන සෙබලාටත් රණවිරුවා කියනවනේ දැන් රටේ ජනතාව... එ්ක තේරුමක් නැති වැඩක්... එ්කෙන් වෙන්නේ පදක්කම් ගත් සැබෑ රණවිරුවාත් හෑල්ලුවට ලක්වෙන එකයි. ක්‍රිකට් තරඟයක වුණත් කණ්ඩායමක් ලෙස සෙල්ලම් කළත් තරඟයේ වීරයා ඔක්කොමට දෙන්නේ නැහැනේ...