(රංජන් කස්තුරි)
ජාතික ප්‍රතිපත්ති , ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය මගින් ලබා දී තිබූ පුහුණු ව්‍යාපෘති සහයක තනතුරු 7500 කට පුද්ගලයින් බඳවා ගැනීම මැතිවරණ කොමිසමේ නියෝගයකින් අද (24) නතර කෙරිණි.
රටපුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුයුක්තකර මෙම පුහුණු ව්‍යාපෘති සහයකවරුන් බඳවා ගෙන තිබූ අතර ඔවුන්ට අමාත්‍යාංශ ලේකම් වී සිවඥානසෝති මහතාගේ අත්සනින් යුතුව ඉකුත් 16 වැනිදා පත්වීම් ලිපි නිකුත් කර තිබිණි.
එම පත්වීම් ලාභීහු අද (24) දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට ගොස් රාජකාරී බාර ගැනීමට සුදානම් වූ අවස්ථාවේ මැතිවරණ කොමිසම නියෝග කර ඇත්තේ ඔවුන් රාජකාරියට බඳවා නොගන්නා ලෙසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යාපෘති සහයක පමණක් නොවෙයි දෙන්න යන සියලුම රැකියාවල් නවත්වන්න. මේක ඡන්දේ ගන්න කරන වංචාවක්.
කෙනෙක් දුක් වේවි......තව කෙනෙක් සතුටු වේවි.....අවසානයේ සතුටු වෙන්නා අවංකනම් පසුගිය කාලයෙත් මේ ආකාරයටම පත්වීම් ලබා දීම ගැන සිතන්න ඕන.
7500ක්.. මගේ අම්මේ.. මොකද්ද මේ ගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙච්ච ඵලදායිතාවය? අර වරායේ, ලංගමේ, රේල්ලුවේ වගේ නිකම් කකා, බිබී පඩිගන්න දුන්නු ඡන්ද පත්වීම් විතරයි. 7500ක් ඇවිල්ලා කාවද පුහුණු කරන්නේ? මොනවා කරන්නද පුහුණු කරන්නේ? කවුද මේවා හොයලා බලන්නේ? මේවා දේශපාලන දුෂණ පත්වීම්..
මා දන්නා පරිදි රැකියාවක් බලාපොරොත්තු වන්නන්ගේ රැකියාව අහිමි කළ පළමු අවස්ථාව.. කණගාටු වෙනවා.
තීරණය වෙනස් වෙන්නේ නැද්ද?
මේ අදහස වෙනස් වෙන්නේ නැතිද?
මේවනම් මහා අපරාධ.දහසක් බලාපොරොත්තු මැද්දේ මිනිස්සු ගෙදරින් ඇවිල්ලා රස්සාවට සම්බන්දධ වෙන්න හදනකොට මෙයාලගේ විකාර වැඩ.යෝශිතගේ වැඩ තහනම් වෙලා තිබිලා අාපහු අද ඉදන් නැවත ලුතිනන් තනතුරට.. මොන කරන්නද ? පහත තැනින් යාවි ගලා ජලේ කිව්වලු. රට පුරාම වතුරෙන් යටවෙලා වහින එකෙත් අරුමයක් නැහැ.
මැතිවරණයක් කාලයේ අලුතෙන් පත්විම් දීම නීති විරෝධි මෙන්ම වැටුප් ක්‍රමවල නැති වැඩි වැටුප් හා දීමනා ඉල්ලා වැඩවර්ජනය කිරීමත් ඒවා දීමත් නීති විරෝධී වෙන්න ඕන නේද? මෙවැනි වැටුප් වැඩිකිරීම් මැතිවරණයක් කැඳවා තිබෙන අවස්ථාවේ අයුතු වාසි ලබාගැනීමක් නේද?
දැන්වත් දෙමුද ?