පාලිත ආරියවංශ

බදුල්ල දිස්ත්‍රික් පොලිස් සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුවකට සහබාගි වී සිටි පොලිසියේ හත් දෙනකුට කොවිඩ් - 19 ආසාධනය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

ඔවුන් සියලු දෙනා ලුනුගල,කන්දකැටිය,මහියංගණය,ගිරාදුරුකෝට්ට,බදුල්ල සහ හාලිඇල පොලිසිවලට අනුයුක්තව සේවය කරන අය බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.

උණ තත්වයක් නිසා ප්‍රතිකාර  ලබාගැනීම සඳහා බදුල්ල මහරෝහලට පැමිණි  අවස්ථාවේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයේදී ඔවුන්ට  කොවිඩ් - 19 ආසාධනය වී ඇති බව තහවුරු වී යැයි බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .