(අංජුල මහික වීරරත්න)
පොහොට්ටුව සහ වියත්මග මෙරට අන්තවාදී දේශපාලනය අන්තයටම ගෙනගිය බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දැන් අන්තවාදී ජාතිවාදී දේශපාලනය සෑම පැත්තකම ජනතාවට එපා වී තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා අද වැටී සිටින වලෙන් ගොඩ එන්නේ කෙසේදැයි කල්පනා කළ යුතුව ඇතැයි ද ඒ සඳහා උතුරේ මෙන්ම දකුණේ අනාගතය ගැන සලකා දිගුකාලීන සැලසුමක් සකස් කළ යුතු බව ද සඳහන් කළේය.
සූම් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවක දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය .
COMMENTS
එමනිසා අවස්ථාවාදී, අන්තවාදී කණ්ඩායම් රටතුළ ආගම්වාදය, ජාතිවාදය ඇතිකිරීමට හැකියාව ලැබී තිබේ. ඉදිරියේදී ජාතින් වෙන් වෙන් වශයෙන් පක්ෂ නිර්මාණය නොකොට ප්‍රධාන පක්ෂ සාමාජිකත්වය ලබා එම පක්ෂ තුළින් මැතිවරණය ඉදිරි පත්වීමෙන් බොහෝ අර්බුද අවසන් කිරීමට හැකියාව පවතියි. ජාතීන් අතර පක්ෂ නිර්මාණය වන රටක දියුණුවට ඉතාම අහිතකර ලෙස බලපෑ ඇත. ජාතිවාදය සහ ආගම්වාදය නැතිකිරීමට ඔවුන් විසින් නිර්මාණය කර තිබෙන්නා වූ පක්ෂ අහෝසි කළ යුතුවේ. ප්‍රධාන පක්ෂ තුළින් මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තු පැමිණ තනතුරු ලබා ඔවුන්ගේ ප්‍රදේශ දියුණු කිරීම ඔවුන්ගේ වගකීමකි... මෙතෙක් ජාතින් වශයෙන් පක්ෂ නිර්මාණය තුළ පාර්ලිමේන්තු පැමිණියත් ඔවුන්ගේ ජාතීන්ට ඔවුන් කර තිබෙන්නේ කුමක්ද කියාකීමට අවශ්‍ය නැත. ඉදිරි මැතිවරණයේදී හෝ ප්‍රධාන පක්ෂ තුළට පැමිණ මැතිවරණයට ඉදිරිපත් වීම රටේ අනාගතයට මෙන්ම දරුවන්ගේ අනාගතයටද වැදගත් වේ. වර්තමානයේ සිටින්නා වූ දේශපාලකයින්ගේ හැසිරීම ඔවුන්ගේ දෙවනපෙළ කණ්ඩායම් ද අනුගතවීම් නිසා ජාතිවාදී සහ ආගම්වාදී ගැටලුව එසේම පවතියි. ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුර ඔවුන් ගන්න තීරණ මත රඳාපවතියි... මාධ්‍ය ඉදිරියේ අපි ශ්‍රී ලාංකිකයන් කියා කීවාට පමණක් ප්‍රමාණවත් නොවේ.
අන්තවාදී, ජාතිවාදී දේශපාලනයේ කොටස් කරුවන් වී හෝ එම ප්‍රශ්නයේ වගකිව යුතු පාර්ශව වී ජාතිවාදය කතාකිරීම නවතා ද්‍රවිඩ සහ මුස්ලිම් නායකයන් සැබෑ යථාර්තය ඕපන් මයින්ඩ් තුළින් දැක, ප්‍රශ්නයේ කොටස් කරුවන් නොවී ප්‍රශ්නයෙන් බැහැරව පිළිතුරු සෙවීම කළහොත් පිළිතුරු ලබා ගත හැකිවේ. එසේ නොකිරීමට හේතුව ඔවුන්ගේ ජාතින් මත රැඳී බලයට පැමිණ සහ බලයට පැමිණීමේ තණ්හාව නිසා සිදුවන්නක් මිස ඔවුන් එක්සත් ජාතීන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා ඔවුන් මෙම පක්ෂ පිහිටුවා නොමැත. ඔවුන්ගේ ජනතාවට මෙය පැහැදිලි කළයුතු කාලය පැමිණ ඇත. උතුරු, නැගෙනහිර, කඳුරට ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළහොත් ජනතාව බලය බෙදා හැරීමක් ගැන කතා නැත. නමුත් බලය බෙදා හැරීමට මුවා වී සිටින බියගුළු සුළු පක්ෂ විසුරුවා හැරීමම රටට සෙතකි. බටහිර විදේශ තානාපති අංශයන් හට සහ ජාත්‍යන්තරයට මෙම කරුණ පැහැදිලි කළයුතුවේ..
දෙමළ සහ මුස්ලිම් අන්තවාදයේ සොඳුරු හිතවතා... ඔබතුමා. යහපාලන ආණ්ඩු කාලේ හොඳ හැටියටත්, සටන් විරාම ගිවිසුම් ගහපු කාලේ සැලකිය යුතු ලෙසටත් අපි එය අත් දුටුවා.
ඔය අන්තවාදී දේශපාලනයට වගකියන්න ඕන අය හුරතල් කලේ තමුන් කියලා මතක නැද්ද? දැන් නිකන් බයිලා කියන්නේ නැතුව ඉන්න හලෝ...
ඔබතුමා වගේ ඒගොල්ලන්ටත් ටිකකාලයක් ඔලුව හංගන් ඉඳලා මොකුත්ම වුණේ නැහැ වාගේ ආයෙත් එන්න බැරිවෙන එකක් නැහැ.
රටටම එපාවෙලා දොට්ටම අදලා දාපු අයෙක් වංගුවක් දමා පාර්ලිමේන්තු ඇවිත් දැන් මුසාබස් දොඩවන්නේ ජනයා නැවත රැවටීමේ පරමාර්ථයෙන් වුවද, එය එසේ නොවන වග ඔහුටත් අනුගාමිකයින්ටත් වැටහේවා..!
අනේ ඔය ඉස්සෙල්ලාම 2075 වර්ෂයේවත් ඡන්දෙ දිනලා පෙන්නලා ඔය වලෙන් ගොඩඑන්න බලන්න...
තමුන් තමයි ඒ ගැන වගකියන්න ඕනේ...
ඔයාගේ සර්ව ආගමික,සර්ව පාක්ෂික,යහපාලන, සාධාරණ සමාජ,දේදුනු පාට විප්ලව,පන්සල් වල පින් කැට සීල් කරපුව, මහ ජාතිය අමතක කරලා සුළු ජාතී න්ට විතරක් සලකපු නිසා තමා මෙහෙම අන්තවාදයක් නිර්මාණ වුණේ..එකට ඔයත් වග කියන්න ඕන..එක නේ මිනිස්සු ඔයා ගෙදර යව්වේ..දැන් ආතල් එකේ අවුරුද්දක් ගෙදර ඉදලා පිනා චාන්ස් එකෙන් පාර්ලිමේන්තු ඇවිත් බණ කියනවා.. ඔය කියන ඔයාගේ සංකල්ප කරන්නේ නැතුව අවුරුදු 4ක් මොකද කලේ? මේ ආණ්ඩුව ෆේල් ..ඔයා තනිකර කන්ඩේම්..
දඹරන් වලින් කළ අාභරණ ගැන කිව්වත් - කුඹ හිටවනා කණුවත් ණයටම අරගත් - ලඹයක් තබා ඇති වක ගැහෙනා කොන්දත් - පඹ මහතෙකිය මේ අපි හැම දත් උන්දැත් ....
අනේ ඔව්...!!! සජිත් ගාව තමයි උපාසක මහත්වරු ටික ඉන්නේ. එක උපාසක උත්තමයෙක් පවුලේ අයත් සමඟ කළ වික්‍රමයන් ඔය දැන් එළිවෙන්නේ...
මේක ඔයා ඡන්දෙ කාලෙ කියලා තියෙන්න ඕනේ...
දියවන්නාව පට්ටියට "අලුතෙන්ම තේරීපත්වූ මොහුගේ මෙම නැවුම්" අදහස් අප හදවතින්ම අගය කරන්නෙමු. මේ වගේම වයසක උන්දැ කෙනෙක් දශක 3, 4 වැනි කෙටිකාලයක්ම දියවන්නාව පට්ටියේ ලැගලා හිටියා මහජන මුදලින් නිකන් පුන්නක්කු කකා වතුර බිබී හිටපු අයගෙන් නම් රටට අවැඩක් වුණා හැර කිසිඳු හොඳක් නම් සිදුවුනේම නැහැ නේද? අපි බලමු මේ අලුත් පුද්ගලයාගේ ක්‍රියා කලාපයන්.. අප සාධනීයව මුන්දැ දෙස බලා ඉඳිමු.
තමුන්ලා මොකුත්ම දන්නේ නැහැ වගේ හිටියා.
ඔහේට මේ රටට කොච්චර වැඩ කොටසක් කරන්න තිබුණද? ඔහේ කලේ රාජ පක්ෂලා කරපු හොරකම් වලින් බේරන එක... කට හැකර විමලෙ බේරගන්න එක.. දැන් බයිලා ගහලා වැඩක් නැහැ. කාලේ ඉවරයි...
අර හොරකම් කළ සල්ලි ගෙනත් දෙන්නේ කවද්ද කියලා අහන්න කිව්වා..!!!
මෙයා මේ කෙහෙල් මල් පොහොට්ටුවේ වියත්මගේ අන්තවාදී දේශපාලනය ගැන කතා කරනවා. ලංකාවේ පැරණිතම මහා කුළුණක් වගේ තිබුණු එජාපයට මෙයා කරපු හදිය මදිද? අද එජාපය නායකයෙක් නැති අම්බලමක් වගේ අනාථ කරලා තියෙන්නේ... රනිල්ව එජාපයෙන් දොට්ට ඇදළ දාලා සජිත්ට එජාපයේ නායකත්වය දෙන්න හොඳම අවස්තාවයි.. දැන් මේ උදාවෙලා තියෙන්නේ....
මෙයාලාට ලැජ්ජා නැහැ. එළවලත් ආයේ ඇවිත්... මෙයා තමයි මේ සේරටම මුල... රාජපක්ෂලා ආරක්ෂා කළා. එදා රංජලා ඇතුළට දැම්මා නම් අද රට හොරුන්ගෙන් මිදිලා. බලපල්ලා බැසිල්ට භාණ්ඩාගාරය.. තවත් කතා කරමුද?