ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් සංවිධානය කරන ලද සියලු ප්‍රචාරක රැළි තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව, එළඹෙන 13, 14 සහ 15 යන තෙදින තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගීවීමට නියමිතව තිබූ සියලු ප්‍රචාරක රැළි අත්හිටුවීමට කටයුතු යොදා තිබේ.
මෙවර මැතිවරණය සඳහා තරග කරන පොදුජන පෙරමුණු අපේක්ෂකයින් සංවිධානය කරන සියලු හමුවීම් සහ කුඩා රැස්වීම් සියල්ලද සීමාකරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබේ.

COMMENTS
ඉක්මණට රට සති දෙකකට වහන්න. කොරෝනා උවදුරෙන් රට බේරාගන්න.
මේ ගොල්ලො විතරක් නොවේ ඔය අනික් මහත්වරුත් දැන් කෑගැහුවට කලේ එකම දේ.. කොයි කවුරුත් කරන්නේ මිනිසුන්ව ඇපේට තියලා ගේම ගහපු එක.. කාටවත් දැන් බබ්බු වෙන්න බෑ.
අනේ දෙයියනේ..!!! මාතලේ, නුවර රැස්වීම්වලට කොරෝනා හැදිච්ච කෙනෙක් හරි ගිහිල්ලා නම් තමයි වැඩේ...
අන්ත දුෂිත, මෝඩ, නුගත්, ගෝත්‍රික, මිත්‍යාදෘෂ්ටික දේශපාලුවන් කුමක් කලත්, සෞක්‍ය බලධාරින් මීට වඩා සැලකිලිමත් විය යුතුව තිබුණා. මීට වඩා" බලවත්" විය යුතුව තිබුණා. කොරෝනා වලින් වැළකීමට අනුගමනය කළයුතු දෑ "නීතිගත නොකළේ" ඇයි..? දේශපාලුවන්ගේ තර්ජන නිසාද..? කොරෝනා වාතයෙන් ප්‍රචරණය වනබව දැනදැනත් දේශපාලන රැස්වීම පවත්වන්නට ඉඩ දුන්නේ ඇයි? මිනිසුන් සහ දේශපාලුවන් හැසිරුණු ආකාරය ටීවී වලින් අගේට පෙන්වූවා. මීටරේ දුර.. මාස්ක්.. තිබුණාද? නොතිබුණු රැස්වීම් විසුරුවා හැරීමට පොලිසියට කොන්දක් තිබුණාද? ලංකාවේ ඇති නවීනතම රසායනාගාරයක් ඇති ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යා අංශයෙන් නිකුත් කරන PCR වාර්තා රජය ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ඇයි..? දියවන්නාවේ ඌරු කොටුවේ සිටින රටවැසියන්ගේ ලේ බොන වවුලන් විශ්වවිද්‍යාලයේ සිටින උගතුන්ටත් වඩා වැඩකාරයින්ද..? කවුරු කෙසේ, කොහොම හැන්ගුවත් දැන් කොරෝනා " සමාජගතවී " අවසන්. දැන්මේ දේශපාලුවන් තම රැස්වීම අවලංගු කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද..? මිනිසුන්ගේ ආරක්ෂාව නොව " තමන්ගේ ආරක්ෂාවයි ". ටිකක් හිතන්න...
අනේ ඇයි නැවැත්තුවේ. එයාලට ලෝකෙන් උතුම් කාරිය ඡන්දේ තියලා බලය ගන්න එකනේ.