(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීමේ බලය ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් විසින් තමන්ට පවරා ඇතැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (10) පැවසීය.
විනයගරුක රටක් බිහිකරමින් ජාතික ආරක්‍ෂාව තහවුරු කළ හැකි, සියලූම ජාතීන්ට ආරක්‍ෂාව සැපයිය හැකි නායකයෙක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව ද ඔහු කීය.
එහිදී විපක්‍ෂනායකවරයා මෙසේද පැවැසීය.
ජනාධිපතිවරණය අතලග තිබෙන අවස්ථාවකදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි ආණ්ඩුව අවධානය යොමුකිරීම පිටුපස යටි අරමුණක් ඇතැයි තමන් සැක සිතන බව කී විපක්‍ෂනායකවරයා ආණ්ඩුවේ යටි අරමුණු පරාජය කරමින් පවත්වන ඕනෑම මැතිවරණයකින් ජයගැනීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තිබෙන බවද ඔහු කීය.
එමෙන්ම පටු දේශපාලන අරමුණු මුල් කරගනිමින් ආණ්ඩුව විසින් සිදුකරනු ලබන කටයුතු නිසාවෙන් ජනතාව පීඩාවට පත්වන බව කී විපක්‍ෂනායකවරයා ජාතික හා ආගමික වශයෙන් මිනිසුන් බෙදා වෙන්කිරීමට ආණ්ඩුව සිතා මතාම ක‍්‍රියාකරන බවද පැවැසීය.
බත්තරමුල්ල,නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ අද (10) පැවැති රැස්වීමකට සහභාගී වෙමින් විපක්‍ෂනායකවරයා මේ බව සදහන් කළේය.
COMMENTS
ජනතා පැතුම ගෝඨා. කරුණාකර ඔබතුමා ඒ ගැන අමතක කරන්න එපා.
ඔබතුමාට ඔබේ වහල්ලු ලබාදීලා තියෙන්නේ අපේක්ෂකයා තේරීමේ තනිබලය. නමුත් ජනාධිපති කෙනෙක් තෝරාගැනීමේ බලය ඇත්තේ රටවැසියාට බව අමතක කරන්න එපා.
කවුරු දැම්මත් ඊළඟ ජනාධිපතිවරණයෙන් බොහෝදුරට නොහිතන කෙනෙක් දිනන්න ඉඩ තියෙනවා. මෙයාගේ අපේක්ෂකයෝ ඔක්කොම වලපයයි, ගොඩපයයි අයනේ... එක්කෙනෙක් හොස්පිටල් එකේ පණ අදිනවා. රටට ඕනෑ බුද්ධිමත් තරුණ නායකයෙක්....
"රතු පස්" ඔබතුමාගේ අලුත්ම චිත්‍රපටය නේද? අද සිට දිවයින පුරාම නොමිලේ ..!!
මෙදාපාර කොල නිල් රතු ගෙදර තමයි ඉන්න වෙන්නෙ. ජනතාව බොහෝ විමසිල්ලෙන් ඉන්නෙ රට ගැන .
ගිය පාර වෙනසක් කරන්න දුන්නා වගේ ඔක්කොම එපා කියලා... අලුත්ම එකෙක්ට දෙමු ... දීලා කෙලවාගමු..
වහල් හිමියෙක්, තමන්ගේ වහලුන් කෙසේ හැසිරිය යුතුද යන්න පවසන අවස්ථාවක්....
රිෂාඩ්ගේ ප්‍රශ්නයේදී අපි ඔබතුමාලගේ (මෙය රනිල් ප්‍රමුඛ එජාපයටත් පොදුයි) හැසිරීම හොඳින් නිරීක්ෂණය කරමින් සිටියේ , කවුරු පත්කළත් අපි ඡන්දෙ දෙන්නේ සිංහල අපිට අපේ රටේ සෑම තැනකම නිදහසේ ජීවත්වීමට, ගමන් බිමන් යාමට කටයුතු සලසන සහ මිනීමරු මුස්ලිම් දොසතරලගෙන් බේරගන්න කෙනෙකුට සහ කණ්ඩායමකට, නැගෙනහිර ජීවත්වන සිංහල, දෙමළ මිනිස්සු හිස්බුල්ලලාගේ වහලුන් ලෙස ජීවත්වෙනවා දකින්න අපි කැමති නැත. අපට දැන් අවුරුදු 10කට ඉස්සෙල්ලා යුද්ධය දිනපු කතාවලින් වැඩක් නැත. යුද්ධය දිනපු එකට කාලගුණ සැලකීමක් වශයෙන් අපි ඔබලා 2010 දී බලයට පත්කළෙමු. දැන් අවශ්‍ය මුස්ලිම් ඡන්දවලට සහ බලයට කෑදරවෙලා සිංහල අපේ අනාගතය අඳුරේ හෙලන්නේ නැති, බලය තම පවුලේ බූදලයක් කර නොගන්න වර්තමාන ප්‍රශ්නවලට පිළිතුරු තිබෙන කණ්ඩායමක්...
මේක යකාගේ පක්ෂයක් පක්ෂයක තීන්දු ගතයුත්තේ සභාවක වැඩිදෙනාගේ මතයටයි... මෙතන තනි මිනිහෙක්ගේ මතය නම් මේකත් ඒකාධිපති පක්ෂයක් ඡන්දෙ දෙන්නේ මිනිසුනේ බලාගෙනයි.
නැහැ නැහැ.. අපි රාජපක්ෂ සහෝදර සමාගමට දීලා කෙළවා ගනිමු.
පක්ෂයක තීන්දු ගතයුත්තේ සංවිධානයක හෝ සභාවක හෝ විශේෂයෙන් මහසභාවේ වැඩි දෙනාගේ මතයටයි මෙතන තනි මිනිහෙක්ගේ මතය නම් මේකත් ඒකාධිපති පක්ෂයක් එතකොට වැඩ කරන්නෙත්... ඒකාධිපති ස්වරූපයෙන් මෙම මගේ පවුල මගේ ගෝලයෝ ගැන විතරයි. එතකොට හිතන්නේ අපි ඒ දවස්වලත් හොඳින් දැක්කා.. එමනිසා මිනිස්සුනේ ඔයාලා ඡන්දෙ දෙන්නේ මිනිසුනේ බලාගෙනයි...
පොහොට්ටුව මෙයාගේ පුද්ගලික දේපළක්ද..?
පොහොට්ටුවේ සාමාජික නෙවෙයි කියලා නේද පහුගිය දවස්වල කිව්වේ?
මිහින්ලංකා යානාවලට තෙල් දීපුවටයි, ජනපතිවරණයට ලංගමයෙන් බස් ගත්තුවටයි මොහු තවම මුදල් නොගෙවා පොලු තියලා. ඒ නඩුවලට වෙච්ච දෙයක් නැහැ. එවැනි ලෙස රජයකට පාඩු කරමින් එම ණය පියවන්නේ නැතිව පොලු තියන වුන් කොහොමද ජන නායකයන් වෙන්නේ? ඔවුන්ට කොහොමද හැකිවෙන්නේ ගුණගරුක සමාජයක් බිහිකරන්න..?
මෙයා රට පාලනය කළෙත් එයාගේ තනි බූදලයක් ලෙස හිතාගෙන කියලා... දැන්වත් කඩේයන මෝඩයින්ට වැටහේවා...!
බලෙන් අගමැති වෙන්න ගිය කෙනෙක්නේ මේ. තව අපේක්ෂකයෝත් පත් කරන්න බලය දුන්නලු... මොලේ තියෙන අය මේ රටේ නැද්ද ඇත්තටම...?
මේ රටේ ප්‍රධාන පක්ෂවල් තුනේම නායකයෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවෙන්නේ ඇයි? පොහොට්ටුවේ නායක ජී.එල්. එයා තරඟ කරන්නේ නැහැ. යූ.එන්.පී එකේ නායක රනිලුත් තාම කිව්වේ නැහැ... ඔහු තරඟ කරන බව... ඒ වගේම තමයි මෛත්‍රීත්... ඔහුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට තරඟ කරන බව තාම කිව්වේ නැහැ.
ඔව්, රජතුමනි ඔබවහන්සේට කැමති නරයෙක් පත් කරගන්නේ නැතුව වෙන එකෙක් පත්කරගෙන අහවල් මගුලක් කරන්නද? රනිල් කළා වගේ වැඩ නොකර ....
නාමල් බේබි ජනපති කරලා, යෝෂිත බේබි අගමැති කරන්න. ඕකටනේ ඔයතරම් වලිකන්නේ... නැතිව ජනතාවට, රටට අාදරේකටද?
මහාරජාණෙනි, ඔබ හැර මේ රට පාලනය කළ හැකි ජගතෙකු නොමැත. ඉවසීමෙන් ඔහොම ඉන්න.
කෝ බමුණා... තවම මැදමුලනේ වලළං ටික හෝදලා ඉවර නැහැ වගේ... ඇවිල්ලා මුළු පිටුවම වැහෙන්න කොටාගෙන කොටාගෙන යයි.
ශිරන්ති නෝනා අලුතින් සාරි මහනවලු. මහින්ද මේ ගමන ශිරන්ති ව දාලා පරාජය වුනාට පස්සේ නාමල් ට වයස හරියකම් ඉන්නවා. 2026 දි නාමල් ජනාධිපති කරන්න ....එතකොට නාමල් ජනාධිපති ,යෝශිත අගමැති ....................හරි සරල කාරණයක්.......