ඩයනා උදයංගනී
ඉදිරියේදී ගොඩනගන පුළුල් සන්ධානය යටතේ ‘පොහොට්ටුව‘ ලකුණින් වුවත් මැතිවරණවලට තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන පුළුල් සන්ධානයෙහි පක්ෂ නායකයින් හා බහුතර සාමාජිකයින් ගන්නා තීරණය අනුව එම ලකුණ තීරණය වනු ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය ඇතුළු සියලූ මැතිවරණ සඳහා ඉදිරිපත් වන්නේ එම පොදු ලකුණ යටතේ බව ද ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
වැදගත් වන්නේ ලකුණ, පුද්ගලයා නොව වැඩපිළිවෙල බැවින් පුද්ගලයකු වටා නොව යම් කිසි වැඩපිළිවෙලක් වටා ඉදිරි පුළුල් සන්ධානය ගොඩ නගන බව කී මන්ත්‍රීවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් නියෝජනය කරන පාර්ශ්වය ඉදිරි ඕනෑම මැතිවරණයකදී ජයගන්නා බව ද කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පුංචි බොරැල්ල, තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
නැතුව නැතුව පහුගිය ටිකේ ට්‍රිප් ගියේ ඕක වෙන්න ඇති. ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයිලු නේද?
කිසිම පක්ෂයක් මට වැදගත් නැති නමුත් අතට ගිය කලක්. ජනාධිපතිවරයා පක්ෂය භාරගත්දා සිට ක්‍රමක් ක්‍රමයෙන් අත ටු වීල් පක්ෂයක් වෙලා. අහෝ ඛේදයකි...
මේ මහත්තය කියන දේවල් දැන් කවුරුවත් ගණන් ගන්නේ නැති තැනට පත්වෙලා. එක කාලෙක මහපාරේ පෙළපාලි යනවා ජාති භේදයට විරුද්ධව ජාතීන් අතරේ සමඟිය ගොඩ නඟන්න කියලා. දැන් ජාතිවාදය අවුස්සනවා කියල චෝදනා නැගෙන කට්ටිය එක්ක බලයට එන්න දඟලනවා.
කවුරු මොන වේශයකින් ආවත් තීරණය අපේ අතේ.
දැන් අතට බුලත්කොලෙත් නෑ. අල්ලපු අත්තත් නෑ පය ගහපු අත්තත් නෑ.
සමන්, සහතික ඇත්ත. තීරණය අප සතුයි.
මේ ඔබතුමාත් අර පත් කල මන්ත්‍රී කෙනෙක් නේ ද? ඔබතුමා අතට ද? පුටුවට ද? බුලත් කොලේට ද ? පොහොට්ටුවට ද?
අපි මේ එල්ලෙන්න වැලක් නැතිව ඉන්නේ .
මොකෙන් ආවත් රටට ආදරය ඇති සමාජයට වැඩක් වෙන අවංක මනුස්සයන් පාර්ලිමේන්තුවට අවශ්‍ය වෙන යුගයක් මේක . අවුරුදු 35 ක් 40 ක් ඉදලත් රටට සේවයක් නොකරපු ඇත්තන් ( දුෂණයට බීෂණයට කඩේ ගිය උදවිය ) තවමත් කල්පනා කරන්නේ වාසියි කියල හිතන පැත්තට පැනල ඇමති කමක් අරගෙන සැප ගන්න . ඕනෙම දෙයකට අත උස්සන්න විතරයිනේ තියෙන්නේ. මෙහෙමත් රටක්. කෑවා මදිද ? වෙන කන්න, ඉතුරු කරපු දෙයකුත් නැහැ බලද්දී .
කොහොම හරි බලයට එන්න සූදානම්. ඒකනේ නොකියා කියන්නෙ.
පොහොට්ටුවට අලුතෙන් එකතුවන කිසිවෙකුටත් ජනාධිපති අගමැති අපේක්ෂත්වය නොදිය යුතුයි මම හිතනවා
ගඟට වැටුණු මිනිහා ගොඩ එන්න තණකොළ ගහෙත් එල්ලෙනවා කියනවානේ. මොහුගේ කථාවෙන්ම තේරෙනවා ඔවුන්ට වෙලා තියෙනදේ.
ජනතාවට දැන් මැතිවරණ මන්ත්‍රීවරු කරවල වාගේ....
අනාතයන්ට මොනවා ගෙනත් දුන්නත් භාරගනියි නැතිව ගෙදර ඉන්ට සිද්ධ උනොත් කොයින්ද අද විදින සැප සම්පත්. 2004 දී ඌව ජනතාව පලවා හැරි අයෙක් ජාතිකලැයිතුවට පිංසිදු වන්ට අද මහා ප්‍රකාශකයෙක් වෙලා.
ඔව් ඉතින් කන්න නැති වුණාම කුණු බක්කියෙන් වුණත් කන්න ලෑස්ති නොවී වෙන මොනවා කරන්නද? ජීවත් වෙන්න මගකුත් එපැයි...